Wednesday, August 10, 2011

ආරම්භයට පෙර...

අපේ රටට ආවේණික බුලත්හපයා මත්ස්‍යා

ඔබත් විසිතුරැ මසුන් පිළිබඳ ඇල්මක් ආශාවක් ඇති අයෙකු නම් මේ විෂය පිළිබඳ දැනගන්න ඕන කරන මා විසින් මගේ අත්දැකීම් ඇසුරින් මගේ දැනුමට එක් කරගත් දේවල් ඔබට කියා දෙන්න මා සූදානම්. ඒ වගේම මේ ක්ෂේත්‍රය ගැන මම නොදන්න දේවල් ඔබගෙන් ඉගෙන ගන්නත් මම කැමතියි. හැබැයි මම ‍මේ ‍ක්ෂේත්‍රයේ නම ගිය ප්‍රවීණයෙක් නම් නෙවෙයි. නමුත් කුඩා කළ සිටම සුරතල් මසුන් ඇතිකිරීම මගේ එක් විනෝදාංශයක් වුණා. ඉතින් ගෙදර තිබුණ පොඩි පොඩි සිමෙන්ති ටැංකි දෙක තුනක එක එක ජාතිවල මාළු වර්ග දාගෙන හිටියා. ඒක හරිම සුන්දර අත්දැකීමක්. ගප්පි, ස්වෝඩ් ටේල්, ප්ලේටි, බ්ලැක් මොලී ‍වගේ පැටවු දාන මාළු වර්ග තමයි ඉතින් මුලින්ම හදන්න පටන් ගත්තේ. කාලයත් එක්ක මේ මත්ස්‍ය වර්ග බෝ කරන විදිහ, පැටව් ලොකු කරන විදිහ වගේ ගොඩක් තොරතුරැ දැනගත්තා.




ඒක ස්වයං රැකියාවක්. හරියට කරනවා නම් සරැ ආදායමක් පහසුවෙන්ම ලබන්න පුළුවන්. නමුත් වෙලා තියෙන්නෙ ගොඩක් අය මේක ආරම්භ කරන්නෙ මේ ‍ක්ෂේත්‍රය පිළිබඳව කිසිම දැනුමක් නැතුව. ඒක සුදුසු දෙයක් නෙමෙයි. මොකද ඕනම දෙයක් පටන් ගන්න කලින් අපි ඒ දේ ගැන හොඳ දැනුමක් ඇතිකරගෙන තියෙන්න ඕනෙ. ඒ දැනුම ගන්න විදිහත් මම කියල දෙන්න සූදානම්. ඇත්තෙන්ම එය ඉතාම පහසුවෙන් ඕනෑම අයෙකුට කළ හැකි දෙයක්. කොහොම වුණත් මේ ක්ෂේත්‍රය ගැන ආශාවක් තියෙනව නම් ඒක ගොඩක්ම ලේසියි. ඉතින් ඔබත් ආසයි නම් මාළු ටැංකියක් ගෙදර තියාගන්න ඒකට අවශ්‍ය කරන මූලික දේවල්, නඩත්තු කරන විදිහ මම ඉදිරියේ දී කියල දෙන්න සූදානම්. ඉතින් මාත් එක්ක රැඳිල ඉන්න. . .



මේ ගැන ඔබගේ අදහස් දැනගන්නත් කැමතියි...
මගේ ඊමේල් එකට මේල් කරන්න...

visithurumasun@gmail.com

ගෝල්ඩ්ෆිෂ් (GOLDFISH) මසුන් අභිජනනය (3 කොටස)

බොහෝ කාලෙකට පසුව තමයි මාළු ගැන පෝස්ට් එකක් කරන්නෙ. ඊමේල් මගින් අදහස් යෝජනා එවපු අයටත් ගොඩක් ස්තුතියි. හුඟ දෙනෙක්ගෙ ඉල්ලීම නිසා කාර්යය බහුලත්...