Thursday, November 7, 2013

ගෝල්ඩ්ෆිෂ් (GOLDFISH) මසුන් අභිජනනය (2 කොටස)

පිරිමි මත්ස්‍යයකුගේ කරමල් කවයේ ඇතිවන සුදු පැහැති තිත්

ගැහැණු සහ පිරිමි සතුන් හඳුනා ගැනීම

තවත් පෝස්ට් එකකින් මේ පිළිබඳ තවත් වැදගත් තොරතුරු ඔබ වෙත ගෙන එන්නට අදහස් කරමි. ගැහැණු මත්ස්‍යයින්ගේ ශරීරය රවුම් ස්වභාවයක් ගනී. එමෙන්ම වර්ණවත් භාවය පිරිමි මත්ස්‍යයකුට සාපේක්ෂව මදක් අඩු ය. නමුත් වර්ණවත් භාවය අඩු වූ පමණින් ගැහැණු සතකු ලෙස තීරණය කළ නොහැක. ගැහැණු මත්ස්‍යයින් ලිංගිකව පරිණත වන විට ඔවුන්ගේ බිත්තර කෝෂ තුළ ඇතිවන බිත්තර මේරීම සිදුවන අතර හොඳින් මේරූ පසු හඳුනා ගත හැකිය. මේ සඳහා කළ හැකි පරීක්ෂණයක් සඳහන් කරමි. (ඔබ මසුන් අල්ලා හොඳින් හුරුවූ අයෙක් නොවේ නම් මෙය කිරීමෙන් වළකින්න.



මත්ස්‍යයින් අල්ලා යම්කිසි පුහුණුවක් තිබේ නම් මත්ස්‍යයාගේ ජීවිතයට හානියක් නොවන ලෙස මෙම පරීක්ෂණය කළ හැකිය) විට මත්ස්‍යයා අතංගුවකින් අල්ලා අතට ගන්න. (තවත් ඉතා වැදගත් කරුණක් සඳහන් කරමි. මෙම පරීක්ෂණය කිරීමට ප්‍රථම දෙඅත් හොඳන් සබන් යොදා සෝදා ගන්න. සබන් ඉවත් වන තුරු හොඳින් සෝදා ගන්න. ඊට හේතුව ඔබ අතේ ඇති විෂබීජ මගින් මත්ස්‍යයාට යම්කිසි ආසාදනයක් වීම වැළැක්වීමයි) ඉතාම ප්‍රවේශමෙන් මත්සය්‍යා අත්ලට ගෙන ඡායාරූපයේ පෙන්වා ඇති පරිදි සෙමෙන් තෙරපුමක් යොදන්න. (ඉතා සෙමින් මෙය කළ යුතුය. හිංසාවක් නොවන ලෙස ඉතාම සෙමින් සිදුකළ යුතුය) එවිට ගැහැණු මත්ස්‍යයකු නම් මේරූ බිත්තර එළියට පැමිණෙන අතර, පිරිමි මත්ස්‍යයකු නම් කිරි සුදු පැහැති උකු දියරයක් පිටතට පැමිණේ. වැදගත්: බිත්තර මෝරා නොමැති ගැහැණු සතෙකු නම් බිත්තර එළියට නොආ හැකි ය. එමෙන්ම තත්ත්පර 6-7 වැනි කාලයකින් මෙය නතර කර වහාම මත්ස්‍යයා ජලයට දැමිය යුතු ය. පිරිමි මත්ස්‍යයින් හඳුනා ගත හැකි තවත් ලක්ෂණයක් ලෙස ඔවුන්ගේ කරමල් කවය හැඳින්විය හැකිය. ලිංගිකව පරිණත වන පිරිමි මත්ස්‍යයින්ගේ කරමල් කවයේ පිටත සුදු පැහැති තිත් ඇති වේ. මෙය මත්ස්‍යයකු අතට ගෙට සුමුදුව පිරිමැද බැලීමේ දී මෙම තිත් ඉතා ගොරෝසුවට අතට හසුවේ නම් බොහෝ විට ඒ පිරිමි මත්ස්‍යයයෙකි. එමෙන්ම පිරිමි මත්ස්‍යයාගේ ළය වරළේ (pectoral fin) දාරය ගොරෝසු ස්වභාවයක් ගනී. ගැහැණු මත්ස්‍යයාගේ මෙම කරමල් කවය ඉතාම සුමුදුවට අතට හසුවේ.ජයවේවා!
මත්ස්‍යයා අල්ලා ගත යුත්තේ මෙසේ ය
මේ පිළිබඳ ඔබගේ අදහස් කමෙන්ට් එකක් ලෙස එක් කරන්න...

2 comments:

  1. ස්තුතියි ඔබට... දිගටම මෙවන් හරවත් ලිපි ලියන්න

    ReplyDelete

ඔබගේ අදහස් හා යෝජනා...

ගෝල්ඩ්ෆිෂ් (GOLDFISH) මසුන් අභිජනනය (3 කොටස)

බොහෝ කාලෙකට පසුව තමයි මාළු ගැන පෝස්ට් එකක් කරන්නෙ. ඊමේල් මගින් අදහස් යෝජනා එවපු අයටත් ගොඩක් ස්තුතියි. හුඟ දෙනෙක්ගෙ ඉල්ලීම නිසා කාර්යය බහුලත්...