Friday, February 22, 2013

මත්ස්‍ය විශේෂයක් හඳුනා ගනිමු...



රෙඩ් ටේල් ෂාක් 


Red tail shark (Epalzeorhynchos bicolor) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන Cyprinidae කුලයට අයත් මත්ස්‍ය විශේෂයකි. මෙම මත්ස්‍යා තායිලන්තයට ආවේණික ය. මෝරෙකුගේ හැඩයක් ඇති නිසාවෙන් මෙම මත්ස්‍යයාට ෂාක් යන නාමය ලැබී ඇත. මෙයා ආම්ලික ජලයට (Acidic water) ගොඩක් කැමතියි. මෙයා සාමාන්‍ය යෙන් අඟල් 6-7 ත් අතර විශාල වෙනවා.
කෘතිම පරිසරයේ දී, ඒ කියන්නෙ ඇක්වේරියම් වල දී මෙයාව බ්රීඩ් කරන්න ගොඩක් අමාරුයි. මෙතෙක් වෙනත් රටවලින් එවැනි වාර්තා ලැබී නෑ. නමුත් අපේ ලංකාවේ මට මතක විදිහට දකුණු පළාතේ තරුණයෙක් මේ විශේෂයේ මසුන් අභිජනනය කර ඒ අභියෝගය ජය අරගෙන තිබුණා. ඒක අපේ රටට ගොඩක් ලොකු ගෞරවයක්.



අභිජනනය කිරීමට අපහසු වීමට ප්‍රධාන හේතුවක් ලෙස ඒ සමයේ දී මොවුන්ගේ කලහකාරී බවත් හේතුවක් වනවා කියල තමයි කියවෙන්නේ.
තායිලන්තයේ සිට වෙනත් රටවලට මොවුන් දස දහස් ගණනක් වසරක දී අපනයනය කරයි. ඒ හේතුව නිසාවෙන් මොවුන්
රතු දත්ත පොතේ (IUCN Red list) තර්ජනයට ලක් වූ මත්ස්‍ය විශේෂයක් ලෙස හඳුන්වා දී ඇත. 

Wednesday, February 20, 2013

මත්ස්‍යයින්ට වැළඳෙන දරුණු රෝගයක් හඳුනා ගනිමු...



ආයුබෝවන්...!
අද මම කතා කරන්න හදන්නෙ මත්ස්‍යයයින්ට වැළඳෙන සුව කරන්න අමාරු රෝගයක් ගැන.
ඩ්‍රොප්සි (dropsy)
රෝගය වැළඳුනු ෆයිටර් මත්ස්‍යයෙක්
බැක්ටීරියාවක් නිසා වැළඳෙන රෝගයකි. මෙම රෝගය වැළඳීමට ප්‍රධාන හේතුව ජලයේ අපිරිසිදුතාවය යි. මෙම බැක්ටීරියාව මසුන්ගේ වකුගඩු ආසාදනය කරයි. මුලින්ම මත්ස්‍යාගේ ඇස් එළියට නෙරා ඒමක් හොඳින් නිරීක්ෂණය කළවිට දැකිය හැකිය. ඉන් දින කිහිපයකින් පසු මත්ස්‍යාගේ කොරපොතු පිම්බී බඩ කෙමෙන් කෙමෙන් විශාල වේ. උදරයේ දියරයක් එකතුවීමෙන් බඩ ඉදිමේ. (මත්ස්‍යයින් ගැන දැනුම අඩු අයෙක් මේ අවස්ථාව මත්ස්‍යා පැටවුන් හෝ බිත්තර දැමීමට ආසන්න යැයි වරදවා වටහා ගත හැකිය) මුල් අවස්ථාවේ මත්ස්‍යා ආහාර ගැනීම පවා සාමාන්‍ය ලෙස කරයි. නමුත් රෝගය උත්සන්න වන විට ආහාර ගැනීම කිරීමට හෝ මත්ස්‍යාට පිහිනීමට පවා නොහැකි ලෙස ශරීරය ඉදිමෙයි. බොහෝ අවස්ථාවල බඩ උඩට සිටින සේ ටැංකියේ පැත්තකට වී මත්ස්‍යා දින ගණනාවක් සිටී. මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. 

Thursday, February 7, 2013

මත්ස්‍ය විශේෂයක් හඳුනා ගනිමු... රෙඩ් රේන්බෝ (Red Rainbow)


වර්ණවත් පිරිමි මත්ස්‍යයෙක්
ආයුබෝවන් 
අද මම ඕගොල්ලන්ට හඳුන්වා දෙන්න හදන්නෙ රේන්බෝ විශේෂයක්. මොවුන් හොඳ ඉල්ලුමක් තියෙන තවත් මත්ස්‍ය විශේෂයක්.

රෙඩ් රේන්බෝ (
Red Rainbow)
විද්‍යාත්මකව (Glossolepis incisus) හඳුන්වනු ලබන මෙම අලංකාර මත්ස්‍ය විශේෂය අයත් වන්නේ Melanotaeniidae කුලයට.
කළු මිශ්‍ර තද රතු පැහැ ශරීරයේ මැද ප්‍රදේශය දිලිසෙන රිදී පැහැයෙන් වර්ණවත් වී ඇත. වරල් වටා තද රත් පැහැයෙන් යුක්ත වේ. දේදුන්නක් මෙන් වර්ණවත් නිසා තමයි මෙයාලට මේ නමත් ලැබිල තියෙන්නෙ. හැබැයි මම මේ කිව්ව ලක්ෂණ තියෙන්නෙ මෙයාගෙ පිරිමි මත්ස්‍යයාගේ විතරයි. ගැහැණු මත්ස්‍යා වර්ණවත් නෑ.


ගෝල්ඩ්ෆිෂ් (GOLDFISH) මසුන් අභිජනනය (3 කොටස)

බොහෝ කාලෙකට පසුව තමයි මාළු ගැන පෝස්ට් එකක් කරන්නෙ. ඊමේල් මගින් අදහස් යෝජනා එවපු අයටත් ගොඩක් ස්තුතියි. හුඟ දෙනෙක්ගෙ ඉල්ලීම නිසා කාර්යය බහුලත්...