Tuesday, October 28, 2014

බොහොම අඩු වියදමකින් හදාගන්න පුළුවන් සාර්ථක ෆිල්ටර් එකක්...




මම මේ ෆිල්ටර් එක හදන්න යන්නෙ සාමාන්‍ය යෙන් අඩි 3ක විතර ටැංකියකට. මුලින්ම පොල්කටු 30-40 වගේ අරගෙන පුච්චල ඒවයෙ අඟුරු අරගන්න. පොල්කටු ටික පුච්චනකොට ඒව සම්පූර්ණයෙන්ම පුච්චන්නෙ නැතුව කළුපාට වෙලා හොඳට පත්තු වෙන වෙලාව වෙනකොට වතුර දාල නිවන්න. ඊට පස්සෙ ඒ අඟුරු අපේ වැඩේට ගන්න පුළුවන්. අඟුරු ටික අරගෙන පුංචි කෑලිවලට (අඟල් බාගෙ වගේ) කෑලිවලට කඩා ගන්න. ඊට පස්සෙ මේ අඟුරු කෑලි ඔක්කොම වතුරෙ දාල දවස් දෙකක් විතර තියා ගන්න අවශ්‍යයි. මුලින්ම දවසක් වතුරෙ දාල තියල වතුර අස්කරල නැවත අළුත් වතුර පුරවල තවත් දවසක් තියන්න. ඊට පස්සෙ ඒ වතුරත් ඉවත් කරල නැවත 3-4 පාරක් අළුත් වතුරෙන් සෝද ගන්න.
මේකට තවත් දේවල් ටිකක් ඕන වෙනවා.
නයිලෝන් වලින් හදපු නෙට් කෑලි තුනක් (මේ නෙට් කෑලි ටැංකියේ දිග සහ පළල බලල ඒ ප්‍රමාණයට කපා ගන්න)
අඟල් 1/2
PVC බට
ඒ බටවලට හරියන
Bend 6ක් සහ T joint 2ක්
බටවල සිදුරු කිරීමට අවශ්‍ය යකඩ කූරක් හෝ බවුත් එකක්
මත්ස්‍ය ටැංකි සඳහා භාවිතා කරන ටෙරාසෝචිප්ස් හෝ තමන්ට අවශ්‍ය චිප්ස් වර්ගයක් භාවිතයට ගන්න පුළුවන්.



මම මේක හදන විදිහ සම්පූර්ණයෙන්ම රූපසටහනකින් පෙන්වල දීල තියෙනවා.
මුලින්ම රූපසටහනේ විදිහට පීවීසී බට සවිකරගන්න. මම හිතනව ඒක කාටත් පැහැදිලි ඇති කියල. ඒක බොහොම සරල දෙයක්. අපි යොදාගත්තෙ අඟල් බාගෙ බට අඟලෙන් අඟලට කුඩා සිදුරු ඇතිකළ යුතුයි. ඒකට බවුත් එකක් හරි එහෙමත් නැත්නම් යකඩයක් රත් කරල හරි කරගන්න පුළුවන්. පසුව රූපසටහනේ විදිහට බට ටික සවිකරල පැත්තකින් තියාගන්න. දැන් අපි ටැංකිය පිරිසිදු කරල මුලින්ම අපි හදාගත්ත අඟුරු අඟල් බාගයක් හෝ ඊට වඩා ටිකක් වැඩියෙන් ලේයර් එකක් දාගන්න. ඊට පස්සෙ අපි හදාගත්ත බට සෙට් එක ඒ මත තබා ගන්න. හැබැයි මතක තියාගන්න අපි ගත්ත නයිලෝන් නෙට් කැබලි තුන මේව රූපසටහනේ විදිහට රවුමට හෝ තමන්ට කැමති විදිහට සිදුරු කරගන්න අවශ්‍යයි. අපි හදාගත්ත බට සෙට් එකේ ටී ජොයින්ට් එකට සෙට් වෙන බට දෙක රිංගවීමට සහ ජලජ ශාක සිටුවා ගැනීමට අවශ්‍ය විදිහට අපි සකස් පාවිච්චි කරන නයිලෝන් නෙට් දෙකේ සිදුරු ඇතිකළ යුතුයි. දැන් අපි ටැංකියට දාපු අඟුරු කැබලි මත තබාගත්ත බට සෙට් එක වැහෙන්න තවත් අඟුරු ලේයර් එකක් දාන්න ඕනෙ. ඊට පස්සෙ අපි සකස් කරගත්ත නයිලෝන් නෙට් එකක් එම ලේයර් එක වැහෙන්න දාන්න. ඊට පස්සෙ සෝදාගත්ත චිප්ස් ගල් ලේයර් එකක් දාගන්න. චිප්ස් ලේයර් එක දාල නැවතත් නෙට් තවත් නෙට් කැබැල්ලකින් ආවරණය කරගන්න. පසුව නැවත තවත් අඟුරු ලේයර් එකක් දමා පෙර ලෙසම ආවරණය කර, ඊට උඩින් චිප්ස් ගල් හෝ ටැංකිය අලංකරණ දේවල් තැන්පත් කර ගන්න. පසුව ඒරියේටරයේ බට දෙක රූපසටහනේ පරිදි අදාල ස්ථාන දෙකට සවිකර ගන්න. ඒරියේටරය ක්‍රියාත්මක කරල බලල, ඔයාලගෙ අදහස් කියන්න. මේක සකස් කරනකොට ටැංකිය ඉස්සරහින් බලනකොට නෙට් එක පේනව ඒකට මොකද කරන්නෙ කියල එහෙම අහන්න එපා :) පොඩ්ඩක් නිර්මානාත්මක විදිහට හිතල තව වෙනස්කම් කරල බලන්න.

හදන විදිහ මේ රූපසටහනෙන් සරලව පෙන්වල දීල තියෙනවා.

2 comments:

  1. ගොඩක් වැඩිදියුණු කරපු අන්ඩර්ග්‍රැවල් ෆිල්ටර් එකක්,සජීවී කාබන් ස්ථර එකතුකිරීමෙන් මෙහි කාර්යක්ෂම තාවය ඉහල යනවා, ටැංකියේ එදිනෙදා එකතුවෙන බහිශ්‍රාවීය අපද්‍රව්‍ය,කැම කොටස්,වගේ දේවල් මතුපිටින් තියෙන ග්‍රැවල් තට්ටුව හරහා පතුලට කිදාබහිනවා,
    ඒරියේටරය හරහා ලබාදෙන ඔක්සිජන් පතුලේ රදාපවතින අපද්‍රව්‍යත් එක්ක ගැටීමක් සිදු වෙනවා ජලයේ සහ කාබන් ස්ථරයේ හැදෙන හිතකර බැක්ටීරියා කොලනි හා ඔක්සිජන් අපද්‍රව්‍ය එක්ක ප්‍රතික්‍රියා කරලා අපද්‍රව්‍ය නයිට්‍රජන් වායුවයි ඇමෝනියා වායුවයි බවට පරිවර්තන වෙලා මේ වායුන් වායුගෝලයට මුදාහැරීමක් තමා මෙතනදි වෙන්නේ මදුරට හොද අදහසක් ඇවිත් තියෙන්නේ ප්‍රතික්‍රියාවලිය අන්තිමට පතුලේ රැදෙන කාබනික කොටස් වලින් ප්‍රයෝජනයක් ගන්න නයිලෝන් ස්ථරයේ හිඩැස් තියලා ජලජ ශාක එකතුකරලා එ් කාබනික කොටස් ශාක වලට පෝර විදියට යොදාගැනීමෙන් . ඒ වගේම සජිවී කාබන් මගින් ටැංකියේ ජලය ඉතා පැහැදිලිව තියාගන්න පුලුවන් ජලයේ තිබෙන බැර ලෝහ හා රසායන ද්‍රව්‍ය කාබන් මගින් උරාගැනීමකුත් මෙහිදී සිදුවෙනවා.
    ඇක්වාපොනික් ( දිය වගාව)තුලින් මේ ක්‍රමයට පරිසර හිතකාමී මාලු හා ශාක වගා කරනවා කාබනික පොහොර පමනක් උපයෝගී කරගෙන කිසිදු කෘතිම කෘෂි රසායනිකයක් බාවිතා නොකර

    ReplyDelete
  2. ගොඩක් ස්තුතියි සම්පත් මේකෙ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරල දුන්නට...

    ReplyDelete

ඔබගේ අදහස් හා යෝජනා...

ගෝල්ඩ්ෆිෂ් (GOLDFISH) මසුන් අභිජනනය (3 කොටස)

බොහෝ කාලෙකට පසුව තමයි මාළු ගැන පෝස්ට් එකක් කරන්නෙ. ඊමේල් මගින් අදහස් යෝජනා එවපු අයටත් ගොඩක් ස්තුතියි. හුඟ දෙනෙක්ගෙ ඉල්ලීම නිසා කාර්යය බහුලත්...