Wednesday, December 17, 2014

ගෝල්ඩ්ෆිෂ් (GOLDFISH) මසුන් අභිජනනය (3 කොටස)

බොහෝ කාලෙකට පසුව තමයි මාළු ගැන පෝස්ට් එකක් කරන්නෙ. ඊමේල් මගින් අදහස් යෝජනා එවපු අයටත් ගොඩක් ස්තුතියි. හුඟ දෙනෙක්ගෙ ඉල්ලීම නිසා කාර්යය බහුලත්වය මධ්‍යයයේ වුණත් මේ පෝස්ට් එක කරන්නෙ...

පසුගිය පෝස්ට් වලින් මත්ස්‍යයින් තෝරා ගැනීම, ගැහැණු පිරිමි මසුන් හඳුනා ගැනීම ගැන කතා කළා මතක ඇති. ගැහැණු පිරිමි ලෙස වෙන් වෙන් වශයෙන් හඳුනා ගත් පසු අනිවාර්යයෙන් කළ යුතු කාර්යයන් කිහිපයක් ඇත. අද අපි කතා කරමු ගැහැණු පිරිමි ලෙස හඳුනා ගත්තායින් පසුව සිදු කළ යුතු දේවල් මොනවද කියලා.
ලිංගිකව පරිණත වී ඇති මසුන් ගැහැණු පිරිමි ලෙස වෙන්කර හඳුනා ගත් පසු, ඔවුන් වෙන වෙන ටැංකි වෙත යොමු කළ යුතුය. එම ටැංකි අඩි 3x3 හෝ ඊට වඩා ප්‍රමාණයෙන් විශාල පිහිනීමට ඉඩ කඩ ඇති ටැංකි වීම වඩාත් සුදුසු වේ. එසේම එම ටැංකි අතර අඩි 10ක හෝ 15ක පරතරයක් තබා ගැනීම ඉතා වැදගත්. එමෙන්ම එම ටැංකිවල ජලය ඉතාම පිරිසිදු තත්ත්වයෙන් තබා ගත යුතුය.


අභිජනනය කිරීමට සිටින මත්ස්‍යයින් සිටින ටැංකිවල ජල තත්ත්ව පාලනය

මව් පිය මත්ස්‍යයින් මසුන් දැමීමට බලාපොරොත්තු වන ටැංකි සඳහා ලිං ජලය වඩාත් සුදුසු වේ. ජලය පුරවා පැය 24ක් පමණ තිබෙන්නට හැර මසුන් දැමිය යුතුය. එසේම නොකඩවා සැපයෙන් වායු ධාරාවක් මගින් (ඒරියේටරයක් මගින්) වාතනය කළ හැකි නම් මසුන්ට එය හිතකරය. ක්ලෝරීන් ජලය භාවිතා කරන්නේ නම්. ඇන්ටි ක්ලෝරීන් දමා පැය 24ක් තබා මසුන් දැමිය හැක. දිනක් හැර දිනක් මව් මසුන් සිටින ටැංකියේ ජල පරිමාවෙන් 1/4ක් පමණ ජලය ඉවත් කර අලුත් ජලය එක් කළ හැකි නම් එය මසුන්ට ඉතාම හිතකරය. එමගින් මත්ස්‍යයින් විවිධ රෝගාබාධ ලක්වීම වැළකේ. එමෙන්ම මත්ස්‍යයින් ඉතාම හොඳින් වර්ධනය වේ. අලුතින් එක් කරන ජලය ක්ලෝරීන් ජලය නම් ඊට ඇන්ටි ක්ලෝරීන් එක් නොකර භාවිතා කළාට මසුන්ට හානියක් නොවේ.

මත්ස්‍යයින් සඳහා ආහාර

මව් පිය මසුන් ලෙස වෙන් කරගත් මසුන් සඳහා පෝෂ්‍යදායී ආහාර සැපයිය යුතුය. විශේෂිත ආහාරයක් ලෙස මත්ස්‍යයින්ට ලබා දිය හැකි ආහාරයක් සඳහන් කරමි. මෙය ඉතාම පෝෂ්‍යදායී මෙන්ම ගැහැණු මත්ස්‍යයින්ගේ බිත්තර මේරීම සඳහා ඉවහල් වේ.
මුංඇට ස්වල්පයක් ගෙන දිනක් ජලයේ දමා තබන්න. දිනක් ගත වන විට එහි මුල් ඇදීමට පටන් ගනී. එම මුංඇට දමා තිබූ ජලය ඉවත් කර ගැහැණු සහ පිරිමි මසුන්ට ආහාර ලෙස ලබා දෙන්න. ඒ සමගම ජීවී ආහාර ලබා දිය හැකිය. ජීවී ආහාර මෙන්ම මෙම මත්ස්‍යයින්ට ශාකමය ආහාරත් ලබා දිය යුතුය. ඒ අතරතුර ත්‍රිපෝෂ වැනි ආහාර ලබා දීමෙන් අමතර පෝෂණය ලබා දිය හැක. එසේ ත්‍රිපෝෂ හෝ සමපෝෂ ලබා දෙන විට එම මිශ්‍රණයට කොඩ්ලිවර් ඔයිල් ස්වල්පයක් එක්කර ලබා දෙන්න.

සැලකිය යුතුය...

මව් පිය මත්ස්‍යයින් සිටින ටැංකිවලට මත්ස්‍යයින් ඇල්ලීම සඳහා භාවිතා කරන අතංගු (නෙට්) එකක් වෙන්කර තබා ගත හැකි ඉතා සුදුසුය. මත්ස්‍යයින්ට ආහාර ලබා දීමේ දී ආහාර ටැංකිය පතුළේ ඉතිරි වුවහොත් වහාම සයිපන් කර එම ආහාර ඉවත් කරන්න. පිටස්තර පුද්ගලයින්ට මව් මසුන් සිටින ටැංකි පරිශ්‍රයට යෑම වැළැක්විය හැකි නම් එය මත්ස්‍යයින්ගේ සෞඛ්‍යයට ඉතාම හිතකරය. කිසිම හේතුවක් නිසා මව් පිය මසුන් සිටින ටැංකිවලට වෙනත් මත්ස්‍ය විශේෂ නොදමන්න. 

ඔබගේ අදහස් හා යෝජනා කමෙන්ට් එකක් ලෙස ඉදිරිපත් කරන්න. 
මීලඟ පෝස්ට් එකෙන් ගෝල්ඩ්ෆිෂ් මසුන් අභිජනනය බලාපොරොත්තු වන්න...

15 comments:

  1. මටත් ඉස්සර පොඩි පොන්ඩ් එකක් තිබුණා. වැඩියෙන් හිටියෙ ගප්පියි ස්වෝඩ් ෆිෂ් ලයි. දැන් නම් පොකුණ නෑ. ගෝල්ඩ්ෆිෂ් පොකුණු වල ඇති කරන්න පුලුවන්ද?

    ReplyDelete
  2. ඔව් දිල්ශාන් පොකුණුවල ගෝල්ඩ්ෆිෂ්ල ඇතිකරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගෝල්ඩ්ෆිෂ් කෙනෙක් අවුරුදු 30ටත් වඩා ජීවත් වෙනවා. හැබැයි පොන්ඩ් එකේ වතුර හොඳ තත්ත්වයෙන් තියාගන්න ඕනෙ.

    ReplyDelete
  3. අපි ගොඩක් ආසාවෙන් බලන් ඉන්නෙ ගෝල්ඩ් ෆිෂ් අභිජනනය ගැන දැන ගන්න.ඒ නිසා ඉක්මනට පොස්ට් එකක් එවන්ඩ.

    ReplyDelete
    Replies
    1. ඉක්මණින්ම තව පෝස්ට් එකක් කරනවා. ස්තුතියි කමෙන්ට් එකට...

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. maw sathun daana tanki 3x3 ho ita wada wishala ewa wadath sudusui kiyala thiyenawane, ekata hethuwa kiyanna puluwanda?

    ReplyDelete
  6. Fish la bowenna daana Hi porting monawada kiyala kiyanna puluwanda?

    ReplyDelete
  7. Calf genath articl dannako

    ReplyDelete
  8. Neon tetra breeding gana kiyala dennako...plz

    ReplyDelete
  9. ඔයාගෙ මේ පොස්ට් ගොඩක් වැදගත් ඒවා.මාත් පොඩිකාලේ ඉදන්ම මාලු අති කරනවා..මම ගාව ගොඩක් මාලු ජාති ඉන්නවා. මම අගල් 7ක් විතර දිග සිල්වර් අරවාන මාලු දෙන්නෙක් අවුරුදු 2ට විතර කලින් ගෙනවා...කොහොම හරි දෙන්නා ජොඩුවක්ම වෙන්න අති...දැන් අගල් 25ක් විතර ලොකුයි...ජනවාරි මාසෙ දවසක් මම උදෙ කෑම දාන්න යනකොට අරවානා මාලුවා බිත්තර දාලා තිබුනා ටැන්කිය අඩියෙ...මම බලාගෙන ඉද්දි එක අරවානා මාලුවෙක් බිත්තර කටින් අරගත්ත ඔක්කොම...ඊට දවස් 2ට පස්සෙ ඒ මාලුවා බිත්තර කටින් එලියට දැම්මා ඔක්කොම බිත්තර ස්වුත්තු වෙලා තිබුනේ..එවා නිකන් දියවෙලා වගෙ ගියා.ගිය මාසෙත් බිත්තර දාල තිබුනා හැබැයි එවා කලින් සැරෙ වගෙ කටින් ගත්තෙ නෑ...එවා ටැන්කියෙම කුනුවෙලා ගියා... මට අරවාන බෝකරන්න අසාවක් තියනවා... අරවාන මසුන්ගෙ ගැහැණු පිරිමි මසුන් වෙන් කර හදුනා ආකාරයත් බෝ කරගන්නා අකාරයත් කියල දෙන්න පුලුවන්නම් ඔබට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.....

    ReplyDelete
  10. ඔයාගෙ මේ පොස්ට් ගොඩක් වැදගත් ඒවා.මාත් පොඩිකාලේ ඉදන්ම මාලු අති කරනවා..මම ගාව ගොඩක් මාලු ජාති ඉන්නවා. මම අගල් 7ක් විතර දිග සිල්වර් අරවාන මාලු දෙන්නෙක් අවුරුදු 2ට විතර කලින් ගෙනවා...කොහොම හරි දෙන්නා ජොඩුවක්ම වෙන්න අති...දැන් අගල් 25ක් විතර ලොකුයි...ජනවාරි මාසෙ දවසක් මම උදෙ කෑම දාන්න යනකොට අරවානා මාලුවා බිත්තර දාලා තිබුනා ටැන්කිය අඩියෙ...මම බලාගෙන ඉද්දි එක අරවානා මාලුවෙක් බිත්තර කටින් අරගත්ත ඔක්කොම...ඊට දවස් 2ට පස්සෙ ඒ මාලුවා බිත්තර කටින් එලියට දැම්මා ඔක්කොම බිත්තර ස්වුත්තු වෙලා තිබුනේ..එවා නිකන් දියවෙලා වගෙ ගියා.ගිය මාසෙත් බිත්තර දාල තිබුනා හැබැයි එවා කලින් සැරෙ වගෙ කටින් ගත්තෙ නෑ...එවා ටැන්කියෙම කුනුවෙලා ගියා... මට අරවාන බෝකරන්න අසාවක් තියනවා... අරවාන මසුන්ගෙ ගැහැණු පිරිමි මසුන් වෙන් කර හදුනා ආකාරයත් බෝ කරගන්නා අකාරයත් කියල දෙන්න පුලුවන්නම් ඔබට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.....

    ReplyDelete

ඔබගේ අදහස් හා යෝජනා...

ගෝල්ඩ්ෆිෂ් (GOLDFISH) මසුන් අභිජනනය (3 කොටස)

බොහෝ කාලෙකට පසුව තමයි මාළු ගැන පෝස්ට් එකක් කරන්නෙ. ඊමේල් මගින් අදහස් යෝජනා එවපු අයටත් ගොඩක් ස්තුතියි. හුඟ දෙනෙක්ගෙ ඉල්ලීම නිසා කාර්යය බහුලත්...