සික්ලි මසුන් අභිජනනය

සික්ලි මසුන් අභිජනනය

ලොව වෙසෙන සියළුම මත්ස්‍ය කුලවලින් ආදරණීයම දෙමාපියන් සිටිනුයේ මෙම කුලයේ මසුන් අතර ය.
එමෙන්ම ඉතාම වර්ණවත් සහ ගුප්ත සහ සිත්ගන්නා සුළු හැසිරීම් රටා සහිත මසුන් වේ.
තම පැටවුන් තනිව ජීවත් වීමට හැකි තත්ත්වය දක්වා වර්ධනය වන තුරු මෙම මසුන් ඔවුන් රැකබලා ගනී.
එහි දී දින ගණනාවක් යන තුරු ආහාර ගැනීමෙන් පවා මොවුන් වැලකී සිටී.
ලොව අන් රටවල් හා සසඳන කල ලංකාවේ මෙම මත්ස්‍ය විශේෂ එතරම් ජනප්‍රිය නැත.
එයට හේතුව වන්නේ මෙම මත්ස්‍යයින් පිළිබඳව ඇති නොදැනුවත් භාවය වේ.
ඇත්තෙන්ම යමෙක් සික්ලි මසුන් ඇතිකිරීමට අදහස් කරනවා නම් ඔවුන්ගේ ජීවන තතු ගැන අවබෝධයක් ඇතිකර ගත යුතුය.
එනම් ඔවුන්ගේ හැසිරීම් රටා, ආහාර රටා, අභිජනන ක්‍රියාවලීන් ආදිය පිළිබඳව...
මොවුන් බොහෝවිට කලහකාරී මසුන් වේ.

මෙම මසුන් පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිව මොවුන් ඇතිකිරීම නොකළ යුතු ය.
මන්ද මොවුන් සමූහ ටැංකි සඳහා සුදුසු මත්ස්‍ය විශේෂයක් නොවන බැවින්
(උදා- ගෝල්ඩ් ෆිෂ්, බාබ්ස් වැනි මත්ස්‍ය විශේෂ සමඟ මොවුන් එක ටැංකියක ඇතිකළ නොහැකිය)
අපි ඉදිරියේ දී එක් එක් සික්ලි මත්ස්‍ය විශේෂ පිළිබඳව තොරතුරු විමසා බලමු.

කියවන ඔයාලගෙ අදහස් ඉතාම වැදගත්. එම නිසා කමෙන්ට් එකක් වශයෙන් ඔයාලගෙ
අදහස් දක්වන්න. ඒක බ්ලොග් එකේ සාර්ථකත්වයට ගොඩක් වැදගත් වේවි...



1 Comments

ඔබගේ අදහස් හා යෝජනා...

  1. තෙග මිලදි ගන්න තියන්වද 0763252799

    ReplyDelete
Previous Post Next Post