බොහෝ අවස්ථාවල මා අතින් පවා, නොසැලකිල්ල නිසා මසුන් මිය ගිය අවස්ථා ඇත. ඒ ගැන මා අතිශය කණගාටු වෙමි. අපට මෙන්ම මත්ස්‍යයින්ටත් ජීවත් වීමට අත්‍යාවශ්‍ය සාධක ඇත. ජලය ඉන් ප්‍රධාන වේ.
ජලය
ජලයේ ගුණාත්මක භාවය ගැන බොහෝ දෙනා විසින් නොසලකා හරින, එහෙත් සැලකිලිමත් විය යුතුම දෙයක් වේ. අපි බලමු කොහොමද ජලයේ ගුණාත්මක භාවය මසුන්ට හිතකර ලෙස පවත්වා ගෙන යන්නේ කියලා.
ජයවේවා...
කියවන ඔයාලගෙ අදහස් ඉතාම වැදගත්. එම නිසා කමෙන්ට් එකක් වශයෙන් ඔයාලගෙ අදහස් දක්වන්න. ඒක බ්ලොග් එකේ සාර්ථකත්වයට ගොඩක් වැදගත් වේවි...
- දින දෙකකට වරක් වත් මත්ස්‍ය ටැංකියේ ජලය අඟල් කිහිපයක් (2-3ත් අතර) ඉවත් කර අළුත් ජලය එක් කරන්න. (මේ සඳහා ක්ලෝරීන් මිශ්‍ර ජලය යොදා ගත්තාට ගැටළුවක් නැත)
- බොහෝ දෙනා මත්ස්‍ය ටැංකි සඳහා යොදා ගන්නේ කෘතිමව සැකසූ (ප්ලාස්ටික් වැනි ද්‍රව්‍යවලින් නිපැයූ) පැලෑටි වර්ගයන් ය. නමුත් හැකි සෑම විටම ස්වභාවික ජලජ පැලෑටි සිටුවා ගැනීමට වගබලා ගන්න. (බොහෝ මත්ස්‍ය විශේෂ මේවා කා දමයි. මන්ද ඔවුනට අවශ්‍ය විටමින් වර්ග සහ පෝෂ්‍ය පදාර්ථ සපුරා ගැනීමට ඇති මාර්ගයක් නිසාවෙන්. ප්ලාස්ටික් පැල ටැංකියට දැමීමෙන් අපට අලංකාර ලෙස පෙනුනත් මසුන්ට එයින් ඇති සෙතක් නැත. ස්වභාවික පැලෑටි ටැංකියේ සිටුවා ගැනීමෙන් ටැංකිය තුළ සිදුවන ජල විෂවීම් බොහොමයක් ස්වභාවිකවම පාලනය වේ. ජලයේ ඇති බොහෝ විෂ කොටස් ශාක මගින් උරා ගැනීම සිදුවේ. මත්ස්‍යයින්ගේ බහිස්‍රාවීය ද්‍රව්‍ය ශාක වැඩීමට අවශ්‍ය පොහොර ලෙස ස්වභාවිකවම යෙදවේ. නමුත් අනවශ්‍ය පරිදි ශාක යෙදීම ද හිතකර නොවේ. එය රාත්‍රී කාලයේ දී ටැංකිය තුළ ඔක්සිජන් ප්‍රමාණය අඩු කිරීමට උදව් වේ. එහිදී ඔක්සිජන් අඩු වීමෙන් මසුන් මිය යා හැක.
- ටැංකියේ මත්ස්‍ය ගහණය පාලනය කරන්න. (කුඩා ටැංකියක මසුන් විශාල ගණනක් යෙදීමෙන් වළකින්න) එමගින් ජලය ඉතා ඉක්මණින් අපිරිසිදු වන අතර මසුන්ට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය නොලැබී යයි. එයින් මසුන් මිය යා හැක.
- ආහාර දීමේ දී විනාඩි 5-6ත් අතර දී ආහාරයට ගෙන අවසන් කළ හැකි පරිදි ආහාර කුඩා ප්‍රමාණය බැගින් ලබා දෙන්න. යම් හෙයකින් ටැංකිය පතුලේ ආහාර කැබලි රැඳී ඇත්නම් වහාම ඒවා ඉවත් කරන්න. එය ජලයේ ගුණාත්මක භාවය රැක ගැනීමට කළ යුතුම දෙයකි.
මත්ස්‍යයින්ට අවශ්‍ය පරිසරය සකසන්න
- ඔබට අවශ්‍ය මත්ස්‍ය විශේෂය ටැංකියට දැමීමට පෙර එම මත්ස්‍ය විශේෂය සඳහා අවශ්‍ය කුමන පරිසරයක් ද, යන්න සොයා බලන්න. සමහර මත්ස්‍ය විශේෂ සැඟවී සිටීමට කැමත්තක් දක්වයි. (බොහෝ සික්ලි විශේෂ) අප ඒ සඳහා ඔවුනට අවශ්‍ය පරිසරය සකසා දිය යුතු ය. එසේ සකසා දීමෙන් ඔවුන්ගේ ස්වභාවික චර්යා අපට අධ්‍යයනය කිරීමට අවකාශය සැලසේ. එමෙන්ම එමගින් ඔවුන් පහසුවෙන් අභිජනනය වීමද සිදුවේ.
ජයවේවා...
කියවන ඔයාලගෙ අදහස් ඉතාම වැදගත්. එම නිසා කමෙන්ට් එකක් වශයෙන් ඔයාලගෙ අදහස් දක්වන්න. ඒක බ්ලොග් එකේ සාර්ථකත්වයට ගොඩක් වැදගත් වේවි...
ගොඩක් වටින කරුණු දන ගත්ත හොද ලිපියක් , මම ඔබෙන් ඉල්ලා සිටින්න කැමතියි අපේ රටේ සුරතල් මසුන් ඇතිකරන සියලුදෙනා වෙනුවෙන් මේ සේවය හැකිතාක් දුරට දිගටම ලබාදෙන්න කියලා, ගොඩක් වෙබ් අඩවි හොද මාතෘකාවන් කතා කරමින් ඉදල හිටිගමන් මග නවතිනවා, එහෙම නොකර ඔබගේ දැනුමෙන් අන් අයව දැනුවත්කර අන් අයට සේවයක් මෙන්ම අහිංසක සතුන්ගේ ජිවිතවලට වැඩි වටිනාකමක් ලබාදීමෙන් ඔබට පිනක්ද ඇත වෙව්..
ReplyDeleteගොඩක් ස්තුතියි අමිල... මට පුළුවන් කාලයක් බ්ලොග් එක ලියන්න උත්සාහ කරනවා. ඔයාලත් පුළුවන් හැම වෙලාවකම ඔයාලගෙ අදහස් මට කමෙන්ට් එකක් විදිහට ලියන්න. බ්ලොග් එකේ සාර්ථකත්වයට ඒක ගොඩක් බලපානවා.
ReplyDeleteගොඩක් වටින කරුණු
ReplyDeleteoyage adahas apata godak watinawa.mama laga Tiger barb jodu 20k withara innawa
ReplyDeleteeyalawa breeding karanne kohomada kiyala tikak wistharathmakawa kiyala denawada
ගොඩාක් හොද වඩක්
ReplyDeleteවැඩි විසතර
ReplyDeleteHodi
ReplyDeleteහොඳ දැනුවත් කිරිමක්්
ReplyDeleteHoda upadess mama alutenpatangatte thanks.
ReplyDelete❤❤❤❤Supiri .vatina karinu godak igena gtta
ReplyDelete