මත්ස්‍ය විශේෂයක් හඳුනා ගනිමු (Blue Ram Cichlid)...

ජර්මන් බ්ලූ රාම් (German Blue Ram)

ආයුබෝවන්...

අද මම ඕගොල්ලන්ට ඉතාමත්ම අලංකාර ඒ වගේම හොයාගන්නත් ටිකක් අමාරු මත්ස්‍ය වශේෂයක් ගැන තොරතුරු ඉදිරිපත් කරන්න අදහස් කළා.

බ්ලූ රාම් සික්ලිඩ් (Blue Ram Cichlid)
විද්‍යාත්මක නාමය (Mikrogeophagus ramirezi)


සික්ලිඩේ (Cichlidae) කුලයට අයත් ඉතාම අලංකාර මත්ස්‍ය විශේෂයක් වන මොවුන් සික්ලි කුලයේ අනෙක් මත්ස්‍ය විශේෂයන්ට සාපේක්ෂව ඉතා සාමකාමී මත්ස්‍යයෙකි. රාමරේzසි (Ramirezi) යන නම බහුලවත්, බ්ලූ රාම් (Blue Ram), රාම් (Ram), බටෆ්ලයි සික්ලිඩ් (Butterfly Cichlid) යන නම් වලින් මොවුන් හඳුන්වයි. දීප්තිමත් වර්ණ ගණනාවකින් මොවුන්ගේ ශරීරය හැඩ ගැන්වී ඇත.

ඒ වර්ණ අතර දිලිසෙන නිල් පැහැය ප්‍රධාන වේ. එම වර්ණවත් භාවය සහ වෙනත් සික්ලි විශේෂයන්ට සාපේක්ෂව අනෙක් මසුන් සමඟ සාමකාමී ගති පැවතුම් නිසා මොවුන්ට හොඳ ඉල්ලුමක් පවතී. එහෙත් සොයා ගැනීමට අපහසු මත්ස්‍යයෙක් බව කිව යුතු ය. මෙම මත්ස්‍යයින් විශේෂ ගණනාවක් දැකිය හැකි ය. ජර්මන් බ්ලූ රාම් (German Blue Ram), ගෝල්ඩන් (Golden Ram), බොලීවියන් රාම් (Bolivian Blue Ram) සහ මෑත කාලයේ දී එක් වූ නව සාමාජිකයෙක් වන ඉලෙක්ට්‍රික් බ්ලූ රාම් (Electric Blue Ram) හැඳින්විය හැකි ය. එසේම කෙටි ශරීරයක් ඇති (Balloon type) මසුන් ද දැකිය හැකි ය. සාමාන්‍යයයෙන් මෙරට තුළ දී සියළුම විශේෂ දැකගත නොහැකි වන අතර ජර්මන් බ්ලූ රාම් (German Blue Ram), ගෝල්ඩන් (Golden Ram), ඉලෙක්ට්‍රික් බ්ලූ රාම් (Electric Blue Ram) යන විශේෂ දැකිය හැකි වේ.

ගති පැවතුම් අනුව ගත් විට මොවුන් අනෙක් මසුන් සමග සාමකාමී මසුන් වේ. ප්‍රමාණයෙන් අඟල් 2-3 ත් අතර විශාල වන මොවුන්ගේ අයුකාලය අවුරුදු 3-5ත් අතර වේ. සික්ලි කුලයේ අනෙක් මසුන් හා සසඳන විට මොවුන් සංවේදී මසුන් වේ. අනෙක් සික්ලි මසුන්ට සාපේක්ෂව පහසුවෙන් ලෙඩ රෝග වලට ගොදුරු වේ. සුලභ රෝගයක් වන සුදු තිත් (White Spot) ආසාදනයක දී වුවත් ප්‍රතිකාර නොකළ හොත් මිය යා හැකි ය.

මොවුන් ආම්ලික ජලය (Acidic Water) ප්‍රිය කරයි. එසේම ජලයේ වෙස්වීම් කෙරෙහි ඉතා සංවේදීය. ජලජ ශාක වලින් ගහණ ස්වභාවික ආකාරයට මොවුන් ජීවත්වන ටැංකිය සැකසිය යුතු ය.
සික්ලි මසුන් පිළිබඳ අවබෝධයක් නොමැති අය නම් මේ මත්ස්‍යයින් ඇතිකරන්න ගන්න කලින් ටිකක් මත්ස්‍යා ගැන දැනුවත් වුණොත් හොඳයි.

එහෙනම් තවත් පෝස්ට් එකකින් හමුවෙමු...

කියවන ඔයාලගෙ අදහස් ඉතාම වැදගත්. එම නිසා කමෙන්ට් එකක් වශයෙන් ඔයාලගෙ අදහස් දක්වන්න. ඒක බ්ලොග් එකේ සාර්ථකත්වයට ගොඩක් වැදගත් වේවි...

 ජයවේවා...


ඉලෙක්ට්‍රික් බ්ලූ රාම් (Electric Blue Ram Balloon type)

ඉලෙක්ට්‍රික් බ්ලූ රාම් (Electric Blue Ram)

ජර්මන් බ්ලූ රාම් (German Blue Ram Balloon type)

ජර්මන් බ්ලූ රාම් (Golden Ram)

3 Comments

ඔබගේ අදහස් හා යෝජනා...

  1. BLUE RAM CICHLID ගේ අභිජණන කරගන්න විදියත් දාන්න පුලුවන් නම් ගොඩක් ප්‍රයොජනවත් වෙවි.... ස්තුතියි.......

    ReplyDelete
  2. මොවුන්ව අභිජනනය කරන්න ගොඩක් අමාරු නෑ. සාමාන්‍යයෙන් සික්ලි මසුන් අභිජනනය වන ආකාරයෙන් තමයි සිදු වෙන්නෙ... මත්ස්‍යයින් සාමාන්‍යය ආකාරයට pair out වෙනවා. ඊට පස්සෙ ඔවුන් විසින් තෝරා ගනු ලබන යම් ස්ථරයක (ටැංකියේ පතුළ, ගල් වැනි දෙයක් විය හැකිය) බිත්තර දමා ඔවුන් විසින්ම රැකබලා ගන්නවා. පැටව් ලොකු වෙනකම් මව් පිය යුවළ රැකබලා ගන්නවා...

    ReplyDelete
  3. ඔබට බොහොම ස්තුතියි....

    ReplyDelete
Previous Post Next Post