Monday, January 14, 2013

විසිතුරු මත්ස්‍ය විශේෂ හඳුනා ගනිමු...




මම දැකල තියෙන දෙයක් තමයි අපේ ගොඩක් අය මේ විසිතුරු මාළු කිව්වහම දන්නෙ... ස්වෝඩ්ටේල් (swardtail), ප්ලේටි (platy), ගෝල්ඩ් ෆිෂ් (gold fish), ඒන්ජල්ස් (angel), වගේ මාළු වර්ග... හැබැයි මේ අයට වඩා ලස්සන, හොයාගන්න ටිකක් අමාරු මාළු වර්ග ගණනාවක්ම ඉන්නවා. පස්සෙ සොයා බලමු ඒ අය ගැනත්... අනෙක් කාරණය තමයි ගොඩක් ඇක්වේරියම්වල විකුණන්න ඉන්නෙ විකෘති මාළු (deform) එහෙම කිව්වාම ඔයාල විශ්වාස කරන එකක් නැහැ. නමුත් ඒක සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට ගමු කවුරුත් දන්න ගෝල්ඩ් ෆිෂ් මාළුවව. ගෝල්ඩ් ෆිෂ් මාළුවෙක් ගත්තාම එයාගෙ වර්ණ, වරල්, පිහිටිය යුතු පිළිවෙලක් තියෙනවා. හැබැයි ඒකත් ගෝල්ඩ් ෆිෂ් විශේෂයෙන් විශේෂයට වෙනස් වෙනවා. ඉතින් හැමෝම දන්නෙ නැහැනෙ මාළුන්ගෙ නිවැරදි ලක්ෂණ හොයන්න. ඉතින් බොහොමයක් අය මාළුව පිහිනනව නම් බැලූ බැල්මට ලස්සනට ඉන්නවා නම් මිල දී ගන්නවා. (හැබැයි මෙහෙම දෙයකුත් තියෙනවා නිවැරදි වර්ණ සහ ලක්ෂණ තියෙන මාළු ගැන වැඩියෙන්ම හිතන්න ඕනෙ ඒ අයව අභිජනනය (breed) කරනවා නම් තමයි) මොකද විකෘති මාළු (deform) අභිජනනය කළාම ලැබෙන පැටවුණුත් බහුතරයක් විකෘති අයම තමයි.






අපි බලමුද එහෙනම් විකෘති සහිත මාළු කිහිප දෙනෙක් හඳුනා ගන්න.
බලන්න මේ ඡායාරූපයෙ ඉන්න ගෝල්ඩ් ෆිෂ් මසුන් දිහා... සුදු පැහැති මත්ස්‍යයා බැලූ බැල්මටම විකෘති මාළුවෙක් සේ පෙනෙනවා. එහෙත් අනෙක් මාළු එහෙම නොපෙනුනත්, ඔවුනුත් යම් විකෘතිතා වලින් පෙලෙනවා. මෙහෙම වෙන්න ප්‍රධානම හේතුව විකෘතිතා ඇති මව් සතුන් (breeding pairs) යොදාගෙන කරන ලද අභිජනනයන්. මිනිසුන් සම්බන්ධයෙන් කතා කරන විට ලේ ඥාතීන් අතර සිදුවන විවාහ තුළින් ඇතිවන දරුවන් අංගවිකල තත්ත්වයන්ට ගොදුරු වීම ඇතිවන බව ඔබ අසා ඇති. එම තත්ත්වයන් බොහොමයක් සතුන් තුළත් දක්නට ලැබේ.


එහෙනම් අපි කතා කරන්න බලාපොරොත්තු වුණ දේ කතා කරමු. මම අනෙක් මාළු වර්ග වලට වඩා සික්ලි විශේෂ (cichlid species) වලට වඩාත් කැමතියි. ඒකට හේතු ගණනාවක්ම තියෙනවා. ඔයාලත් ඒගොල්ලො ගැන දන්නැතුව මිසක් දන්නවා නම් අනිවාර්යයෙන්ම කැමති වෙයි. එහෙනම් අපි බලමුද සික්ලි කියන මත්ස්‍ය විශේෂය හඳුනා ගන්නා ආකාරය.
මොවුන් හඳුනා ගැනීමට හැකි ප්‍රධානම ලක්ෂණය වන්නේ මොවුන්ගේ පෘෂ්ඨිය වරල (dorsal fin) යි. ඉහළට විහිදුණු වරළක් සේ දිස්වන මෙහි ඇත්තේ සියුම් කටු විශේෂයකි. සික්ලි මසුන් කලබල වූ විට සහ කලහකාරී වූ විට මේවා තදින් ඉහළට විහිදුවයි. ඇත්තෙන්ම ඒවා ඇත්තේ ඔවුන්ගේ ආරක්ෂාවට ය.
ඉතින් මම අනෙක් මසුන්ට වැඩියෙන් සික්ලි මසුන් ගැන ඔයාලව දැනුවත් කරන්න බලාපොරොත්තු වනවා. මොකද අපේ රටේ තවම එතරම් ජනප්‍රිය නැතත්... ලෝකයේ වැඩියෙන්ම ජනප්‍රිය මත්ස්‍ය කුලය තමයි සික්ලි මත්ස්‍ය කුලය... අපේ රටේ අයවත් මෙයාල ගැන දැනුවත් කරන්න තමයි මගේ වෑයම...


මේ ඉන්නෙ සික්ලි කුලයේ සුලභ සාමාජිකයෙක්. මෙයාව හඳුන්වන්නෙ convict cichlid (කොන්වික්ට් සික්ලිඩ්) කියලා. මෙයා සුදු වර්ණයෙනුත් ඉන්නවා. පේනවා නේද මෙයාගෙ පෞච්ඡ වරල (dorsal fin) එක, ඔය හිස මුදුනෙ ඉඳන් පිටුපසට විහිදිලා තියෙන්නෙ. ඒක තමයි මෙයාලව හඳුනා ගන්න ලේසිම ලක්ෂණය.

එහෙනම් තවත් post එකකින් හමුවෙමු... ජයවේවා...

කියවන ඔයාලගෙ අදහස් ඉතාම වැදගත්. එම නිසා කමෙන්ට් එකක් වශයෙන් ඔයාලගෙ අදහස් දක්වන්න. ඒක බ්ලොග් එකේ සාර්ථකත්වයට ගොඩක් වැදගත් වේවි...

10 comments:

  1. නියමයි සහෝදරයා.... ඔහොම යං..... :) :) :)

    ReplyDelete
  2. අපේ විෂයක් නේ ඔයා campus එකක කෙනක් ද
    ඔයාගේ විස්තර මොනවද
    අපේ නම් රම්බඩගල්ලේ ඉදන් ගිහින් තියෙනවා
    ඔයා කොහොමද මේවා ඉගනගත්තේ

    ReplyDelete
  3. නැහැ මම campus එකක කෙනෙක් නම් නෙමේ. මේක මගේ විනෝදාංශය, කවුරු හරි කෙනෙක් මේකෙන් යම් දෙයක් ඉගෙන ගන්නවා නම් ඒක තමයි මගේ සතුට. ඔයාටත් මේ සම්බන්ධව යම් දැනීමක් තියෙනවා නම්, ඔයා කැමති නම් ඒක අනෙක් අයත් එක්ක බෙදා ගන්න ඔයා මේ සම්බන්ධයෙන් ඔයා දන්න දෙයක් ගැන (මත්ස්‍ය විශේෂයක් හෝ මේ ක්ෂේත්‍රය පිළිබඳ අන් අය දැනුවත් කරන්න පුළුවන් දෙයක්) පෝස්ට් එකක් කරන්න කැමති නම් ඒක මට e-mail එකක් විදිහට එවන්න මම ඒක ඔයාගෙ නමින් publish කරන්නම්.

    ReplyDelete
  4. eththatama oya karanne hoda deyak. mokada mamath fish gena godak asa karana kenek wagema malu hadana kenek. mamath fish farm ekak karanawa. igena gaththe rambada galle. NARA eke caurce eka February wala patan gannawa. idiriyedi balamu apita me ape rate maluta adare karana aya wenuwen monada karanna puluwan kiyala.

    obata sada jaya

    ReplyDelete
  5. මොනවද ඔයා ලඟ ඉන්න මාළු වර්ග... පුළුවන් නම් විස්තර ටිකක් කියන්න. මම මාළු ගැන ඉගෙනගෙන නම් නැහැ. මමත් කැමතියි ඔයාලගෙන් මම නොදන්න දේවල් ඉගෙන ගන්න... ඒ වගේම ඔයාට පුළුවන් නම් මාළු ගැන ඔයාගෙ අත්දැකීම් අනෙක් අයට දැනගන්න මේ බ්ලොග් එකට ලියන්න... මට පුළුවන් ඒක ඔයාගෙ නමින් publish කරන්න...

    ReplyDelete
  6. mata meyalage male female hoyanna kiyala dennako
    avishka
    0752915764
    avishka.vithanage@gmail.com

    ReplyDelete
  7. නියමයි මේ පොස්ට් එකත් .... :)
    මාළු ගැන මගේ site එක බලලා හොඳ නරක අඩුපාඩු comment එකක් දාලාම යන්න
    Tropical Fish Tank
    http://www.besttropicalfishtanks.com/

    ReplyDelete
  8. මගේ ප්‍රෝජෙක්ට් එකට මේ බ්ලොග් එකේ පොස්ට් ගොඩාක් වටිනවා... තැන්ක්යූ මචන්.... ජය වේවා!!!

    ReplyDelete
  9. schl a/l project ekata karanne wisithuru masun gana....blog eka nam niyamai...thorathuru hugak watinawa....aththatama aiya kranne hugak honda wadak...supiri...puluwannam thwa malu gana thorathuru post kranwada?mata eka loku udawwak wei.....good job...carry on.....wish u all the best aiya......!!!

    ReplyDelete
  10. Meka hoda deyak puluwnm aqwarium wagema thwa petsla gana hoda you tube cahnnel 1 krn gdk aya asai me hobby ekata

    ReplyDelete

ඔබගේ අදහස් හා යෝජනා...

ගෝල්ඩ්ෆිෂ් (GOLDFISH) මසුන් අභිජනනය (3 කොටස)

බොහෝ කාලෙකට පසුව තමයි මාළු ගැන පෝස්ට් එකක් කරන්නෙ. ඊමේල් මගින් අදහස් යෝජනා එවපු අයටත් ගොඩක් ස්තුතියි. හුඟ දෙනෙක්ගෙ ඉල්ලීම නිසා කාර්යය බහුලත්...