අද මම කතාකරන්න හදන්නෙ ගොඩක් දෙනෙකුට වැදගත් කියල විශ්වාස කරන මාතෘකාවක් ගැන...
විසිතුරු මත්ස්‍ය ක්ෂේත්‍ර යට සම්බන්ධ ස්වයං රැකියාවක් කරන්න කැමැත්තක් දක්වන කවුරු හරි ඉන්නවා නම් ඒ අයටත් මේක වැදගත් වෙයි. අපි ටිකක් හොයල බලමු විසිතුරු මත්ස්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධව පවතින රැකියා අවස්ථා ගැන...
හුඟ දෙනෙක් නොදන්නවා වුණාට විසිතුරු මත්ස්‍ය කර්මාන්තය කියන්නේ ඉතාමත්ම ලාභදායී කර්මාන්තයක්. නමුත් මේ කර්මාන්තයේ යෙදිල ඉන්න බොහොමයක් දෙනෙක් මෙය ලාභදායී කර්මාන්තයක් ලෙස හඳුන්වල දෙන්නෙ නම් නෑ. ඒකට හේතුව නම් හරියටම කියන්න දන්නෙ නෑ. කොහොම වුණත් අපි මේ ගැන හොයල බලමු...
ව්‍යාපාරයක් ලෙස කළ හැකි මේ ක්ෂේත්‍රය තුළ පවතින විවිධ රැකියා අවස්ථා
අපි මේ කොටස් එකින් එක ගෙන විමසා බලමු
- ඇක්වේරියම් ආයතනයක් ලෙස පවත්වා ගෙන යාම
- මත්ස්‍ය පැටවුන් (මඩ පොකුණු සඳහා) අභිජනනය
- මසුන් සඳහා සිමෙන්ති හා වීදුරු ටැංකි නිෂ්පාදනය
- දේශීය වෙළඳ පොළට මසුන් නිෂ්පාදනය
- මත්ස්‍ය ආහාර නිෂ්පාදනය
- අපනයනය සඳහා මසුන් නිෂ්පාදනය
- විසිතුරු ජලජ ශාක නිෂ්පාදනය
මත්ස්‍ය පැටවුන් (මඩ පොකුණු සඳහා) අභිජනනය
මේ සඳහා හොඳ දැනීමක් අත්‍යාවශය වේ. මසුන් විශේෂ හඳුනා ගැනීම, මත්ස්‍ය විශේෂ අභිජනනය, මත්ස්‍ය ලෙඩ රෝග, මත්ස්‍ය පැටවුන්ට වර්ධනය කිරීම, ඉක්මණින් වර්ධනය කිරීම සඳහා දිය යුතු ආහාර, ආදී සියළු තොරතුරු පිළිබඳ මනා වැටහීමක් ලබා තිබිය යුතු ය.
ඉදිරියේ දී ඉතිරි කොටස් පිළිබඳ ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා...
නැවත හමුවෙමු ජයවේවා...!
කියවන ඔයාලගෙ අදහස් ඉතාම වැදගත්. එම නිසා කමෙන්ට් එකක් වශයෙන් ඔයාලගෙ අදහස් දක්වන්න. ඒක බ්ලොග් එකේ සාර්ථකත්වයට ගොඩක් වැදගත් වේවි...