Friday, February 22, 2013

මත්ස්‍ය විශේෂයක් හඳුනා ගනිමු...



රෙඩ් ටේල් ෂාක් 


Red tail shark (Epalzeorhynchos bicolor) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන Cyprinidae කුලයට අයත් මත්ස්‍ය විශේෂයකි. මෙම මත්ස්‍යා තායිලන්තයට ආවේණික ය. මෝරෙකුගේ හැඩයක් ඇති නිසාවෙන් මෙම මත්ස්‍යයාට ෂාක් යන නාමය ලැබී ඇත. මෙයා ආම්ලික ජලයට (Acidic water) ගොඩක් කැමතියි. මෙයා සාමාන්‍ය යෙන් අඟල් 6-7 ත් අතර විශාල වෙනවා.
කෘතිම පරිසරයේ දී, ඒ කියන්නෙ ඇක්වේරියම් වල දී මෙයාව බ්රීඩ් කරන්න ගොඩක් අමාරුයි. මෙතෙක් වෙනත් රටවලින් එවැනි වාර්තා ලැබී නෑ. නමුත් අපේ ලංකාවේ මට මතක විදිහට දකුණු පළාතේ තරුණයෙක් මේ විශේෂයේ මසුන් අභිජනනය කර ඒ අභියෝගය ජය අරගෙන තිබුණා. ඒක අපේ රටට ගොඩක් ලොකු ගෞරවයක්.



අභිජනනය කිරීමට අපහසු වීමට ප්‍රධාන හේතුවක් ලෙස ඒ සමයේ දී මොවුන්ගේ කලහකාරී බවත් හේතුවක් වනවා කියල තමයි කියවෙන්නේ.
තායිලන්තයේ සිට වෙනත් රටවලට මොවුන් දස දහස් ගණනක් වසරක දී අපනයනය කරයි. ඒ හේතුව නිසාවෙන් මොවුන්
රතු දත්ත පොතේ (IUCN Red list) තර්ජනයට ලක් වූ මත්ස්‍ය විශේෂයක් ලෙස හඳුන්වා දී ඇත. 





7 comments:

  1. මට මෙයලව අභිජනනය කරන්න ලොකු අසාවක් ඈති උන, අමාරු කාරියක් වගේ නේද?
    පොඩි අදහසක් වත් නෑද්ද කොහොමද අභිජනනය කරන්නෙ කියල...

    ReplyDelete
  2. මෙයාව මිලදී ගන්න ලංකාවේ ඉන්නවද? මිල කොහොමද ?

    ReplyDelete
  3. ශ්‍රීමත්, මෙයාව අභිජනනය කරන්න අමාරු ඇති නමුත් බැරි වෙන්නෙ නැහැ. ඒකට ඉවසීම තියෙන්නත් ඕනෙ. මේගොල්ලො අයිති වෙන්නෙ ගෝල්ඩ්ෆිෂ්ලා අයිති වෙන කුලයට. ඉතින් ගෝල්ඩ්ෆිෂ්ලගෙ අභිජනන රටාවට ගොඩක් සමාන වෙයි මේගොල්ලොන්ගෙ අභිජනන රටාවත්. ඉතින් ඒ ගැන පර්යේෂණ කළොත් තමයි සාර්ථකව කරන්න පුළුවන් වෙන්නෙ. උත්සාහ කළොත් බැරි වෙන එකක් නෑ. මුලින්ම මාළුවව හොඳට අධ්‍යයනය කරන්න. අපේ රටේ අභිජනනය කරන්න බැහැයි කියපු සමහර මාළු අපේ අය අභිජනනය කළා. උදාහරණයක් විදිහට නියොන් ටෙට්‍රා.

    ReplyDelete
  4. මේගොල්ලො ලංකාවෙ මිල දී ගන්න ඉන්නවා. මිල ගණන් තැන අනුව වෙනස් වෙන්න පුළුවන්... ikman.lk එකේ බලන්න. මම දැක්ක මිකුණන්න ඉන්නවා. ලංකාවෙ බ්රීඩ් කරන මාළු.

    ReplyDelete
  5. ඉස්සර නම් ගෙදර මාළු ඇතිකළා...දැන් නම් වැඩේ ටිකක් මගහැරිලා තියෙන්නේ....

    ReplyDelete
  6. මේ වෙනුවෙන් කාලයක් නැති කම තමයි ගොඩක් අයට තියෙන ප්‍රශ්නෙ..

    ReplyDelete
  7. ඔව් එක නම් ඇත්ත... අනික සුද්ද කරන්න ගියාම එපා වෙනවනේ....

    ReplyDelete

ඔබගේ අදහස් හා යෝජනා...

ගෝල්ඩ්ෆිෂ් (GOLDFISH) මසුන් අභිජනනය (3 කොටස)

බොහෝ කාලෙකට පසුව තමයි මාළු ගැන පෝස්ට් එකක් කරන්නෙ. ඊමේල් මගින් අදහස් යෝජනා එවපු අයටත් ගොඩක් ස්තුතියි. හුඟ දෙනෙක්ගෙ ඉල්ලීම නිසා කාර්යය බහුලත්...