Wednesday, August 10, 2011

ආරම්භයට පෙර...

අපේ රටට ආවේණික බුලත්හපයා මත්ස්‍යා

ඔබත් විසිතුරැ මසුන් පිළිබඳ ඇල්මක් ආශාවක් ඇති අයෙකු නම් මේ විෂය පිළිබඳ දැනගන්න ඕන කරන මා විසින් මගේ අත්දැකීම් ඇසුරින් මගේ දැනුමට එක් කරගත් දේවල් ඔබට කියා දෙන්න මා සූදානම්. ඒ වගේම මේ ක්ෂේත්‍රය ගැන මම නොදන්න දේවල් ඔබගෙන් ඉගෙන ගන්නත් මම කැමතියි. හැබැයි මම ‍මේ ‍ක්ෂේත්‍රයේ නම ගිය ප්‍රවීණයෙක් නම් නෙවෙයි. නමුත් කුඩා කළ සිටම සුරතල් මසුන් ඇතිකිරීම මගේ එක් විනෝදාංශයක් වුණා. ඉතින් ගෙදර තිබුණ පොඩි පොඩි සිමෙන්ති ටැංකි දෙක තුනක එක එක ජාතිවල මාළු වර්ග දාගෙන හිටියා. ඒක හරිම සුන්දර අත්දැකීමක්. ගප්පි, ස්වෝඩ් ටේල්, ප්ලේටි, බ්ලැක් මොලී ‍වගේ පැටවු දාන මාළු වර්ග තමයි ඉතින් මුලින්ම හදන්න පටන් ගත්තේ. කාලයත් එක්ක මේ මත්ස්‍ය වර්ග බෝ කරන විදිහ, පැටව් ලොකු කරන විදිහ වගේ ගොඩක් තොරතුරැ දැනගත්තා.




ඒක ස්වයං රැකියාවක්. හරියට කරනවා නම් සරැ ආදායමක් පහසුවෙන්ම ලබන්න පුළුවන්. නමුත් වෙලා තියෙන්නෙ ගොඩක් අය මේක ආරම්භ කරන්නෙ මේ ‍ක්ෂේත්‍රය පිළිබඳව කිසිම දැනුමක් නැතුව. ඒක සුදුසු දෙයක් නෙමෙයි. මොකද ඕනම දෙයක් පටන් ගන්න කලින් අපි ඒ දේ ගැන හොඳ දැනුමක් ඇතිකරගෙන තියෙන්න ඕනෙ. ඒ දැනුම ගන්න විදිහත් මම කියල දෙන්න සූදානම්. ඇත්තෙන්ම එය ඉතාම පහසුවෙන් ඕනෑම අයෙකුට කළ හැකි දෙයක්. කොහොම වුණත් මේ ක්ෂේත්‍රය ගැන ආශාවක් තියෙනව නම් ඒක ගොඩක්ම ලේසියි. ඉතින් ඔබත් ආසයි නම් මාළු ටැංකියක් ගෙදර තියාගන්න ඒකට අවශ්‍ය කරන මූලික දේවල්, නඩත්තු කරන විදිහ මම ඉදිරියේ දී කියල දෙන්න සූදානම්. ඉතින් මාත් එක්ක රැඳිල ඉන්න. . .



මේ ගැන ඔබගේ අදහස් දැනගන්නත් කැමතියි...
මගේ ඊමේල් එකට මේල් කරන්න...

visithurumasun@gmail.com

10 comments:

  1. අදයි මේ පැත්තෙ ආවෙ.. මුල ඉඳලා කියවන්න ගත්තා.. මමත් ආසයි මාළු ඇතිකරන්න..ඒත් ගේන මාළු මාසෙකින් දෙකෙන් මාව දාලා යනවනෙ.. ඔබගේ බ්ලොගය කියවලා උත්සාහ කරන්නම්..

    ReplyDelete
  2. jam gurami gana wisthara tikak liyannako

    ReplyDelete
  3. jam gurami hoya ganna amaruini
    eyala briding karanne kohomada
    lipiyak damannalo
    oyage adahas godak hodai apata

    ReplyDelete
  4. ගොඩක් අය ‘‘jam gurami‘‘ කියල හැඳින්වුවාට ඒක වැරදියි. නිවැරදි නම Giant Gurami (Osphronemus goramy) මේගොල්ලොන්ව හොයා ගන්න නම් අමාරු නෑ. ගොඩක් ඇක්වේරියම් වල මේගොල්ලො ඉන්නවා. හැබැයි ඒ ඉන්නෙ පිටරටින් ගෙන්වපු මාළු. නමුත් ලංකාවෙ කෙනෙක් මේ මසුන් අභිජනනය කරල තියෙනවා. නමුත් මම ඒ ගැන තොරතුරු නිවැරදිව කියන්න දන්නෙ නෑ. කොහොම වුණත් මේ මත්ස්‍ය විශේෂයේ පිරිමි මත්ස්‍යා විසින් කූඩුවක් සකසා ඒ මත බිත්තර දමන බවට තොරතුරු ලැබී තිබෙනවා. සාමාන්‍යයෙන් ගුරාමි මසුන් අභිජනනය කරන ආකාරයට සිදු වුණත් මොවුන් අභිජනනය ගොඩක් අපහසු බවට තමයි වාර්තා වෙන්නෙ. නමුත් උත්සාහ කළොත් බැරි වෙන්නෙ නෑ.

    ReplyDelete
  5. Neon tetra breed karana widiha pahadili karla dennako

    ReplyDelete
  6. මිතුර ඔයා මේ කරන දේ ගොඩක් හොඳයි මමත් විනෝදාංශයක් විදියටත් ව්‍යාපාරයක් විදියටත් මාළු ඇතිකරන්න ආසයි, ඊට කලින් මේ ගැන ඉගෙන ගන්න ඕන මට උදවු කරන්න පුළුවන්ද ?

    ReplyDelete
  7. මිතුර ඔයා මේ කරන දේ ගොඩක් හොඳයි මමත් විනෝදාංශයක් විදියටත් ව්‍යාපාරයක් විදියටත් මාළු ඇතිකරන්න ආසයි, ඊට කලින් මේ ගැන ඉගෙන ගන්න ඕන මට උදවු කරන්න පුළුවන්ද ?

    ReplyDelete
  8. Hi, mama winodanshayata me lagadi edan malu hadanna gaththa.. mge gawa thiyenne wathura 4500L withara allana pond ekak..podi ellak wage hadala eken wathura filter wenna hadala thiyenne.. eke dola korali, Giant Gurami , carf, cat fish, gold fish, burb, tetra, moli, gappi, elayek, kapuhendo, mal korali, japan korali, sword tel, firghters joduwak, wage ennawa.. me set eken malunyta kotana ekek ennawa, mata u mokada kiyala hoya ganna be, oyata hithenne u moka kiyalada?.. thawa ara waral wala sudu bibili wage enne .. e lede thiyanawa.. ekata manawada denna puluwan beheth?..samanneyen me aya mulin hodatama kema kewa.. de nam tikak adui.. hebei masa 2-3ta hodaaa wardanayak pennanawa.. wehi wathura ekathu wena thenaka thamai pond eka thiyenne.. gas walata thiyenne olu pela 2-3kui, thawa oya wal wala hedena peleti goni 2kui..mehe maha parimaneta malu rata patawana then thibbata e gollo wediya udaw karanne ne.. mata udaw karanna puluwan nam loku udawwak...PS:- mama dawas 2-3 kawa warak lunu , kondis, tetrasycilin, danawa.. hebei maru wen maruwata..

    ReplyDelete
  9. catfish සමග දමන මාළු වර්ග

    ReplyDelete
  10. kohendo karakila mekata awa meka patta....ayya puluwannm aya patanganna dan thama minissu danuma hoyanne

    ReplyDelete

ඔබගේ අදහස් හා යෝජනා...

ගෝල්ඩ්ෆිෂ් (GOLDFISH) මසුන් අභිජනනය (3 කොටස)

බොහෝ කාලෙකට පසුව තමයි මාළු ගැන පෝස්ට් එකක් කරන්නෙ. ඊමේල් මගින් අදහස් යෝජනා එවපු අයටත් ගොඩක් ස්තුතියි. හුඟ දෙනෙක්ගෙ ඉල්ලීම නිසා කාර්යය බහුලත්...