![]() |
ටැංකිය තුළ එයා පම්ප් එක සහ ෆිල්ටරය සවි කිරීමෙන් පසු සිදුවන ක්‍රියාවලිය |
![]() |
(1) |
- මෙන්න මේ විදිහට එයාර් පම්ප් එකට බට දෙක හයිකරගන්න.
- මෙන්න මේක තමයි ෆිල්ටර් එක.
- මෙන්න මේ විදිහට තමයි ටැංකිය ඇතුළෙ ෆිල්ටර් එක තියාගන්නෙ.
- ෆිල්ටර් එක හයි කරන විදිහ මේ රූප සටහනෙන් පැහැදිලියි නේද?
දැන් ඔයා තීරණය කරන්න ඕනෙ ඔබට අවශ්‍ය ටැංකියේ ප්‍රමාණය. ඒකට ඔබ ටැංකිය ස්ථානගත කරන ස්ථානය අනුව ඔබ තීරණය කළ යුතුයි.
හරි දැන් ඔබ ටැංකිය ගත්ත කියල හිතමු. එහෙනම් අපි ටැංකිය මාළු දාන්න සුදුසු තත්ත්වයට පත්කරගන්න අවශ්‍ය කරන දේවල් මොනවද කියල බලමු.
(2) |
![]() |
(3) |
ටැංකි ඇලවීම සඳහා භාවිතා කරන්නෙ සිලිකොන් කියන ගම් වර්ගය. මේ ගම් වර්ගයෙ තියෙන විෂ සහිත බව නැති කර ගන්න වෙනවා මාළු දාන්න කලින්. මුලින්ම ටැංකිය පරිස්සමෙන් සාමාන්‍ය ජලයෙන් සෝදන්න. ඊට පසුව සාමාන්‍ය විදිහට ජලය පුරවල දවස් තුන හතරක් තියන්න. මේකට දැනට මාළු ඉන්න පරණ සිමෙන්ති ටැංකියක වතුර දාල තියන්න පුළුවන් නම් තවත් හොඳයි. මොකද පරණ ටැංකියක මත්ස්‍යයින්ට ජීවත්වීම සඳහා අවශ්‍ය හිතකර බැක්ටීරියා විශේෂ බොහොමයක් වර්ධනය වෙලා තියෙන්නෙ. ඉතින් අපිටත් ඕනෙ අපේ අළුත් ටැංකියෙ ඉක්මණට ඒ තත්ත්වය ඇතිකරගන්න.
එහෙනම් වැඩේ පටන් ගන්න. මම හැකි තරම් සරල විදිහට ෆිල්ටර් එක හයිකර න විදිහ රූප සටහන් මඟින් පහදල දීල තියෙනවා. ඒ සම්බන්ධව යම් ගැටළුවක් ඇති වුණොත් මට ඒ බව ඊ-මේල් එකක් මගින් දන්වන්න. මම කැමතියි උදව් කරන්න.
එහෙනම් අපි බලමු මුලින්ම ගේ ඇතුළෙ තියන්න පුළුවන් පුංචි ටැංකියක්
කොහොමද සකස් කරන්නෙ කියලා.
ඉන්පසුව අපි තීරණය කරන්න ඕන අපේ ටැංකිය තියෙන තැන. ටැංකිය තබන ස්ථානය කෙලින්ම හිරු එළිය නොවැටෙන ස්ථානයක් විය යුතු ය. මොකද හිරු එළිය වැටෙන තැනක් වුණොත් ඔබට ටැංකියෙ ජලය වැඩි කාලයක් පිරිසිදුව තබා ගැනීමට නොහැකි වෙනවා. ඒ කියන්නෙ ටැංකියෙ වතුර කොළ පාට වෙනවා. එහෙම වෙන්නෙ හිරු රැස් නිසා ජලයේ ඇති ඇල්ගී අනවශ්‍ය විදිහට වේගයෙන් වැඩෙන නිසා. එසේ ඇල්ගී වර්ධනය වුණොත් මාළුන්ට ජීවත් වෙන්න නුසුදුසු පරිසරයක් ටැංකිය තුළ ඇති වෙනවා. රාත්‍රී කාලයේ දී මත්ස්‍යයින්ට ජලයේ ඔක්සිජන් අඩුවීම නිසා මසුන් මිය යන්නත් පුළුවන්.

(4) |
කියවන ඔයාලගෙ අදහස් ඉතාම වැදගත්. එම නිසා කමෙන්ට් එකක් වශයෙන් ඔයාලගෙ අදහස් දක්වන්න. ඒක බ්ලොග් එකේ සාර්ථකත්වයට ගොඩක් වැදගත් වේවි...
එල
ReplyDeletedigtama one
ReplyDelete