Thursday, February 7, 2013

මත්ස්‍ය විශේෂයක් හඳුනා ගනිමු... රෙඩ් රේන්බෝ (Red Rainbow)


වර්ණවත් පිරිමි මත්ස්‍යයෙක්
ආයුබෝවන් 
අද මම ඕගොල්ලන්ට හඳුන්වා දෙන්න හදන්නෙ රේන්බෝ විශේෂයක්. මොවුන් හොඳ ඉල්ලුමක් තියෙන තවත් මත්ස්‍ය විශේෂයක්.

රෙඩ් රේන්බෝ (
Red Rainbow)
විද්‍යාත්මකව (Glossolepis incisus) හඳුන්වනු ලබන මෙම අලංකාර මත්ස්‍ය විශේෂය අයත් වන්නේ Melanotaeniidae කුලයට.
කළු මිශ්‍ර තද රතු පැහැ ශරීරයේ මැද ප්‍රදේශය දිලිසෙන රිදී පැහැයෙන් වර්ණවත් වී ඇත. වරල් වටා තද රත් පැහැයෙන් යුක්ත වේ. දේදුන්නක් මෙන් වර්ණවත් නිසා තමයි මෙයාලට මේ නමත් ලැබිල තියෙන්නෙ. හැබැයි මම මේ කිව්ව ලක්ෂණ තියෙන්නෙ මෙයාගෙ පිරිමි මත්ස්‍යයාගේ විතරයි. ගැහැණු මත්ස්‍යා වර්ණවත් නෑ.


එයා අළු පැහැයට හුරු කොළ සහ රිදී පැහැති වර්ණ වලින් යුක්තයි. ඒ වගේම ගැහැණු මත්ස්‍යා පිරිමි මත්ස්‍යයාට වඩා ප්‍රමාණයෙනුත් තරමක් කුඩායි. මොවුන්ට ශරීරයට සාපේක්ෂව විශාල ඇස් සහ මුඛයක් ඇත. සාමාන්‍යයෙන් මොවුන්ගේ ආයු කාලය වසර 5-6ත් අතර වනවා. හිසට ඉහළ කොටස කවාකාරව නැමී ඉහළට නෙරීමක් මොවුන්ගේ වැඩීමත් සමග ඇතිවේ. එමෙන්ම මොවුන් වර්ණවත් වීම සිදු වන්නේ සෙමින් ය. ලිංගිකව පරිණත වීමත් සමගම වර්ණවත් භාවය ඇතිවෙයි.



මොවුන් සාමකාමී මසුන් වේ. එම නිසා සමූහ ටැංකියකට සුදුසු ය. ඒ වගේම මෙම මසුන් ටැංකියේ මධ්‍යයයේත්, ජල පෘෂ්ඨයට ආසන්නවත් තමයි නිතරම සැරිසරන්නේ
.
මොවුන්ගේ අභිජනනය බිත්තර මගින් සිදුවන අතර, උදේ කාලයේ බිත්තර දමයි. හොඳින් ජලජ පැලෑටි වැඩුණු ටැංකියක් මොවුන්ගේ අභිජනන ටැංකිය ලෙස යොදා ගත යුතු ය. ජලජ පැලෑටි මත බිත්තර විසිරුවා හරී. ගැහැණු සතුන් දෙදෙනෙකුට එක් පිරිමි සතකු ලෙස අභිජනනය සඳහා යොදාගත යුතු ය. බිත්තර දමා අවසන් වූ වහාම මව් සතුන් අභිජනන ටැංකියෙන් ඉවත් කළ යුතුය. නැතහොත් ඔවුන් විසින් බිත්තර ආහාරයට ගනී.
එහෙනම් තවත් පෝස්ට් එකකින් හමුවෙමු...
ජයවේවා...!
කියවන ඔයාලගෙ අදහස් ඉතාම වැදගත්. එම නිසා කමෙන්ට් එකක් වශයෙන් ඔයාලගෙ අදහස් දක්වන්න. ඒක බ්ලොග් එකේ සාර්ථකත්වයට ගොඩක් වැදගත් වේවි...
ගැහැණු මත්ස්‍යයෙක්

ගැහැණු මත්ස්‍යයෙක්


5 comments:

  1. මෙයල කොපමණ ලොකු වෙනවද?
    කොපමණ කලෙකට පස්සෙ ද අභිජනනයට සුදුසු?

    ReplyDelete
  2. මේගොල්ලො සාමාන්‍යයයෙන් අඟල් 4-5ත් අතර ලොකු වෙනවා. අඟල් තුනක් පමණ වැඩෙන විට අභිජනනයට සුදුසු වෙනවා.

    ReplyDelete
  3. නියම වැඩක් මදුර. මේ වගේ අධ්‍යාපනික වටිනාකමක් තියෙන බ්ලොග් හරි අඩුයි බ්ලොග් අවකාශේ.(මේකේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න. කමෙන්ට් කරන්න අමාරුයි.)

    ReplyDelete
  4. බොහොම ස්තුතියි සහෝදරයා... මම අයින් කරන්නම්...

    ReplyDelete
  5. ඇත්තටම ගොඩාක් වටිනවා මේක...ප්ලීස් මේක දිගටම කරගෙන යන්න..නිතරන අප්ඩේට් කරන්න තව අලුත් ඒව දාන්න..අපි ආසයි ඉගනගන්න...

    ReplyDelete

ඔබගේ අදහස් හා යෝජනා...

ගෝල්ඩ්ෆිෂ් (GOLDFISH) මසුන් අභිජනනය (3 කොටස)

බොහෝ කාලෙකට පසුව තමයි මාළු ගැන පෝස්ට් එකක් කරන්නෙ. ඊමේල් මගින් අදහස් යෝජනා එවපු අයටත් ගොඩක් ස්තුතියි. හුඟ දෙනෙක්ගෙ ඉල්ලීම නිසා කාර්යය බහුලත්...