Wednesday, December 17, 2014

ගෝල්ඩ්ෆිෂ් (GOLDFISH) මසුන් අභිජනනය (3 කොටස)

බොහෝ කාලෙකට පසුව තමයි මාළු ගැන පෝස්ට් එකක් කරන්නෙ. ඊමේල් මගින් අදහස් යෝජනා එවපු අයටත් ගොඩක් ස්තුතියි. හුඟ දෙනෙක්ගෙ ඉල්ලීම නිසා කාර්යය බහුලත්වය මධ්‍යයයේ වුණත් මේ පෝස්ට් එක කරන්නෙ...

පසුගිය පෝස්ට් වලින් මත්ස්‍යයින් තෝරා ගැනීම, ගැහැණු පිරිමි මසුන් හඳුනා ගැනීම ගැන කතා කළා මතක ඇති. ගැහැණු පිරිමි ලෙස වෙන් වෙන් වශයෙන් හඳුනා ගත් පසු අනිවාර්යයෙන් කළ යුතු කාර්යයන් කිහිපයක් ඇත. අද අපි කතා කරමු ගැහැණු පිරිමි ලෙස හඳුනා ගත්තායින් පසුව සිදු කළ යුතු දේවල් මොනවද කියලා.
ලිංගිකව පරිණත වී ඇති මසුන් ගැහැණු පිරිමි ලෙස වෙන්කර හඳුනා ගත් පසු, ඔවුන් වෙන වෙන ටැංකි වෙත යොමු කළ යුතුය. එම ටැංකි අඩි 3x3 හෝ ඊට වඩා ප්‍රමාණයෙන් විශාල පිහිනීමට ඉඩ කඩ ඇති ටැංකි වීම වඩාත් සුදුසු වේ. එසේම එම ටැංකි අතර අඩි 10ක හෝ 15ක පරතරයක් තබා ගැනීම ඉතා වැදගත්. එමෙන්ම එම ටැංකිවල ජලය ඉතාම පිරිසිදු තත්ත්වයෙන් තබා ගත යුතුය.

Tuesday, October 28, 2014

බොහොම අඩු වියදමකින් හදාගන්න පුළුවන් සාර්ථක ෆිල්ටර් එකක්...




මම මේ ෆිල්ටර් එක හදන්න යන්නෙ සාමාන්‍ය යෙන් අඩි 3ක විතර ටැංකියකට. මුලින්ම පොල්කටු 30-40 වගේ අරගෙන පුච්චල ඒවයෙ අඟුරු අරගන්න. පොල්කටු ටික පුච්චනකොට ඒව සම්පූර්ණයෙන්ම පුච්චන්නෙ නැතුව කළුපාට වෙලා හොඳට පත්තු වෙන වෙලාව වෙනකොට වතුර දාල නිවන්න. ඊට පස්සෙ ඒ අඟුරු අපේ වැඩේට ගන්න පුළුවන්. අඟුරු ටික අරගෙන පුංචි කෑලිවලට (අඟල් බාගෙ වගේ) කෑලිවලට කඩා ගන්න. ඊට පස්සෙ මේ අඟුරු කෑලි ඔක්කොම වතුරෙ දාල දවස් දෙකක් විතර තියා ගන්න අවශ්‍යයි. මුලින්ම දවසක් වතුරෙ දාල තියල වතුර අස්කරල නැවත අළුත් වතුර පුරවල තවත් දවසක් තියන්න. ඊට පස්සෙ ඒ වතුරත් ඉවත් කරල නැවත 3-4 පාරක් අළුත් වතුරෙන් සෝද ගන්න.
මේකට තවත් දේවල් ටිකක් ඕන වෙනවා.
නයිලෝන් වලින් හදපු නෙට් කෑලි තුනක් (මේ නෙට් කෑලි ටැංකියේ දිග සහ පළල බලල ඒ ප්‍රමාණයට කපා ගන්න)
අඟල් 1/2
PVC බට
ඒ බටවලට හරියන
Bend 6ක් සහ T joint 2ක්
බටවල සිදුරු කිරීමට අවශ්‍ය යකඩ කූරක් හෝ බවුත් එකක්
මත්ස්‍ය ටැංකි සඳහා භාවිතා කරන ටෙරාසෝචිප්ස් හෝ තමන්ට අවශ්‍ය චිප්ස් වර්ගයක් භාවිතයට ගන්න පුළුවන්.


Thursday, February 6, 2014

ගෝල්ඩ්ෆිෂ් (Goldfish) මසුන් අභිජනනය (1 කොටස)


නම කිවූ සැණින් කවුරුත් හඳුනන ලොව සුපතල ගෝල්ඩ්ෆිෂ් මත්ස්‍යයයින් අභිජනනය සඳහා ඔබට අවශ්‍ය දැනුම ලබා දීම මෙම ලිපියේ අරමුණයි. වෙබ් අවකාශය තුළ සිංහල භාෂාවෙන් මේ පිළිබඳව සාර්ථකව ලියන ලද ලිපියක් සොයා ගැනීම ඉතාම අපහසු කටයුත්තකි. එම අඩුව පුරවාලීමට මෙම ලිපිය ඉවහල් වේ යැයි අනුමාන කරමි. Cyprinidae සිප්‍රිනිඩේ කුලයට අයත් මත්ස්‍යයකු වන මෙම මත්ස්‍යයා බිත්තර මගින් සිය වර්ගයා බෝකරනු ලබයි. ලොව පුරා මෙම විශේෂයේ ඉතාමත් අලංකාර මත්ස්‍ය ප්‍රභේද රැසක් මේ වන විට විසිරී ඇත. ඉතාම පහසුවෙන් අභිජනනය කිරීමට හැකි වුවත්, බිත්තරයෙන් එළියට එන විට ඉතාම දුර්වල ය. එම තත්ත්වය නිසා සති දෙකක් පමණට ටැංකි තුළ වැඩීමට සලස්වා මඩ පොකුණු තුළට යොමුකළ යුතුය. එම සති දෙක තුළ ඉතා ඉහළ පෝෂණ ගුණයෙන් යුත් ආහාර ලබා දිය යුතු ය.


Thursday, November 7, 2013

ගෝල්ඩ්ෆිෂ් (GOLDFISH) මසුන් අභිජනනය (2 කොටස)

පිරිමි මත්ස්‍යයකුගේ කරමල් කවයේ ඇතිවන සුදු පැහැති තිත්

ගැහැණු සහ පිරිමි සතුන් හඳුනා ගැනීම

තවත් පෝස්ට් එකකින් මේ පිළිබඳ තවත් වැදගත් තොරතුරු ඔබ වෙත ගෙන එන්නට අදහස් කරමි. ගැහැණු මත්ස්‍යයින්ගේ ශරීරය රවුම් ස්වභාවයක් ගනී. එමෙන්ම වර්ණවත් භාවය පිරිමි මත්ස්‍යයකුට සාපේක්ෂව මදක් අඩු ය. නමුත් වර්ණවත් භාවය අඩු වූ පමණින් ගැහැණු සතකු ලෙස තීරණය කළ නොහැක. ගැහැණු මත්ස්‍යයින් ලිංගිකව පරිණත වන විට ඔවුන්ගේ බිත්තර කෝෂ තුළ ඇතිවන බිත්තර මේරීම සිදුවන අතර හොඳින් මේරූ පසු හඳුනා ගත හැකිය. මේ සඳහා කළ හැකි පරීක්ෂණයක් සඳහන් කරමි. (ඔබ මසුන් අල්ලා හොඳින් හුරුවූ අයෙක් නොවේ නම් මෙය කිරීමෙන් වළකින්න.



Sunday, October 27, 2013

විසිතුරු මත්ස්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න කැමති ද?


අද මම කතාකරන්න හදන්නෙ ගොඩක් දෙනෙකුට වැදගත් කියල විශ්වාස කරන මාතෘකාවක් ගැන...
විසිතුරු මත්ස්‍ය ක්ෂේත්‍ර යට සම්බන්ධ ස්වයං රැකියාවක් කරන්න කැමැත්තක් දක්වන කවුරු හරි ඉන්නවා නම් ඒ අයටත් මේක වැදගත් වෙයි. අපි ටිකක් හොයල බලමු විසිතුරු මත්ස්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධව පවතින රැකියා අවස්ථා ගැන...
හුඟ දෙනෙක් නොදන්නවා වුණාට විසිතුරු මත්ස්‍ය කර්මාන්තය කියන්නේ ඉතාමත්ම ලාභදායී කර්මාන්තයක්. නමුත් මේ කර්මාන්තයේ යෙදිල ඉන්න බොහොමයක් දෙනෙක් මෙය ලාභදායී කර්මාන්තයක් ලෙස හඳුන්වල දෙන්නෙ නම් නෑ. ඒකට හේතුව නම් හරියටම කියන්න දන්නෙ නෑ. කොහොම වුණත් අපි මේ ගැන හොයල බලමු...


Tuesday, June 18, 2013

අමානුෂික ලෙස ඩයි කරපු අලංකාර මත්ස්‍යයින්...

කෘතිම වර්ණක භාවිතයෙන් වර්ණවත් කළ blood parrot මසුන්
කාලෙකින් ලිපියක් ලියන්න බැරි වුණා. කාර්යය බහුල වුණත්, මේ ගැන දැනුවත් කරන්න අවශ්‍යම නිසා නොලියා ඉන්න බැරි වුණා.
ඕගොල්ලො දැකල ඇති දැන් අසාමාන්‍ය පාට වලින් මත්ස්‍ය වර්ග වෙළඳපොළට ඇවිත් තියෙනවා. ඒ වගේම මත්ස්‍යයින්ගෙ ඇඟෙ එක එක දේවල් ලියල, එහෙමත් නැත්නම් එක එක symbols වගේ දෙවල් ඇඳල, ඇත්තටම කොහොමද මේ වගේ පාට මෙයාලට? මුලින්ම බලමු මොන වගේ විශේෂද මේ වගේ අමුතු පාට මාළු කියලා...
Blood Parrot cichlid මේ වන විට ලංකාව තුළ මේ ආකාරයෙන් අසාමාන්‍ය වර්ණවලින් බහුලවම හමුවන විශේෂය වේ. වර්ණ ගැන්වීමෙන් පසුව වෙනත් වෙනත් නම් වලින් මොවුන් හඳුන්වයි.


Wednesday, March 27, 2013

ව්‍යාපාරයක් ලෙස ඇක්වේරියම් ආයතනයක් පටන් ගන්න අයට පුංචි අත්වැලක්...

ආයුබෝවන්...
පුංචි විවේකයක් ලැබුණා. ඉතින් මට හිතුනා බ්ලොග් එකට ලියන්න ඕනෙ කියල...
ඉතින් අද මං ඕගොල්ලන්ව දැනුවත් කරන්න යන්නේ සුළු පරිමාණ ව්‍යාපාරයක් ලෙස කොහොමද ඇක්වේරියම් ආයතනයක් පටන් ගන්නෙ කියලා.
ඒ ගැන අවශ්‍යතාවයක් තියෙන කාටත් ප්‍රයෝජනයක් වෙන්න තමයි මේ ගැන ලියන්න හිතුවේ. මේ ගැන උනන්දු කෙනෙක් ඉන්නවා නම් කියන්න තියෙන මූලිකම දෙය තමයි මුලින්ම ඉතාම සුළුවෙන් පටන් ගන්න කියලා. ඒක ඕනෑම ව්‍යාපාරයකට පොදුයි. මොකද මත්ස්‍ය අලෙවිය ප්‍රදේශයෙන් ප්‍රදේශයටත්, එකම ප්‍රදේශයේ විවිධ තැන් වලටත් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මෙය ආරම්භ කරන කෙනාගෙ මුල්ම අභියෝගය තමයි සුදුසුම තැන සොයා ගන්න එක. එහෙම පටන් ගන්නවා ඊට සුදුසු ස්ථානයක් සොයා ගැනීමේ දීත් සොයා බැලිය යුතු කාරණා කිහිපයක් තියෙනවා. අපි බලමු ඒ මොනවද කියලා.

Friday, March 1, 2013

විසිතුරු මසුන් ඇති කිරීමට අදහස් කරනවා නම්...

විසිතුරු මසුන් ඇති කිරීම ලොකු කුඩා කොයි කා අතරන් ජනප්‍රිය විනෝදාංශයක් සහ ව්‍යාපාරයක් බවට පත්වී ඇත. සෑම සතෙකුට මෙන් මත්ස්‍යයින්ටත් අවශ්‍යතා ඇත. මිනිසා විසින් මත්ස්‍යයින්ව ස්වභාවික පරිසරයෙන් ඉවත් කර කෘතිම ජීවන රටාවකට හුරුකර ඇත. නමුත් ඒ නිසා ඔවුන්ට අහිමි වන දේ බොහෝයි. බොහෝ විට ඔවුන් ජීවිතයෙන් පවා වන්දි ගෙවයි. ඔවුනට සිදුවන හිරිහැර ආදිය ගැන මිනිසාට අවබෝධයක් නැති තරම් ය. ඔවුනට සිදුවන හිරිහැර සහ එසේ නොවීමට ඔවුන් වෙනුවෙන් ඔබට කළ හැකි දේ ගැන පැහැදිළි කිරීමක් මේ ලිපියෙන් ඔබ වෙත ගෙන ඒ.

බොහෝ අවස්ථාවල මා අතින් පවා, නොසැලකිල්ල නිසා මසුන් මිය ගිය අවස්ථා ඇත. ඒ ගැන මා අතිශය කණගාටු වෙමි. අපට මෙන්ම මත්ස්‍යයින්ටත් ජීවත් වීමට අත්‍යාවශ්‍ය සාධක ඇත. ජලය ඉන් ප්‍රධාන වේ.

Friday, February 22, 2013

මත්ස්‍ය විශේෂයක් හඳුනා ගනිමු...



රෙඩ් ටේල් ෂාක් 


Red tail shark (Epalzeorhynchos bicolor) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන Cyprinidae කුලයට අයත් මත්ස්‍ය විශේෂයකි. මෙම මත්ස්‍යා තායිලන්තයට ආවේණික ය. මෝරෙකුගේ හැඩයක් ඇති නිසාවෙන් මෙම මත්ස්‍යයාට ෂාක් යන නාමය ලැබී ඇත. මෙයා ආම්ලික ජලයට (Acidic water) ගොඩක් කැමතියි. මෙයා සාමාන්‍ය යෙන් අඟල් 6-7 ත් අතර විශාල වෙනවා.
කෘතිම පරිසරයේ දී, ඒ කියන්නෙ ඇක්වේරියම් වල දී මෙයාව බ්රීඩ් කරන්න ගොඩක් අමාරුයි. මෙතෙක් වෙනත් රටවලින් එවැනි වාර්තා ලැබී නෑ. නමුත් අපේ ලංකාවේ මට මතක විදිහට දකුණු පළාතේ තරුණයෙක් මේ විශේෂයේ මසුන් අභිජනනය කර ඒ අභියෝගය ජය අරගෙන තිබුණා. ඒක අපේ රටට ගොඩක් ලොකු ගෞරවයක්.



අභිජනනය කිරීමට අපහසු වීමට ප්‍රධාන හේතුවක් ලෙස ඒ සමයේ දී මොවුන්ගේ කලහකාරී බවත් හේතුවක් වනවා කියල තමයි කියවෙන්නේ.
තායිලන්තයේ සිට වෙනත් රටවලට මොවුන් දස දහස් ගණනක් වසරක දී අපනයනය කරයි. ඒ හේතුව නිසාවෙන් මොවුන්
රතු දත්ත පොතේ (IUCN Red list) තර්ජනයට ලක් වූ මත්ස්‍ය විශේෂයක් ලෙස හඳුන්වා දී ඇත. 

Wednesday, February 20, 2013

මත්ස්‍යයින්ට වැළඳෙන දරුණු රෝගයක් හඳුනා ගනිමු...



ආයුබෝවන්...!
අද මම කතා කරන්න හදන්නෙ මත්ස්‍යයයින්ට වැළඳෙන සුව කරන්න අමාරු රෝගයක් ගැන.
ඩ්‍රොප්සි (dropsy)
රෝගය වැළඳුනු ෆයිටර් මත්ස්‍යයෙක්
බැක්ටීරියාවක් නිසා වැළඳෙන රෝගයකි. මෙම රෝගය වැළඳීමට ප්‍රධාන හේතුව ජලයේ අපිරිසිදුතාවය යි. මෙම බැක්ටීරියාව මසුන්ගේ වකුගඩු ආසාදනය කරයි. මුලින්ම මත්ස්‍යාගේ ඇස් එළියට නෙරා ඒමක් හොඳින් නිරීක්ෂණය කළවිට දැකිය හැකිය. ඉන් දින කිහිපයකින් පසු මත්ස්‍යාගේ කොරපොතු පිම්බී බඩ කෙමෙන් කෙමෙන් විශාල වේ. උදරයේ දියරයක් එකතුවීමෙන් බඩ ඉදිමේ. (මත්ස්‍යයින් ගැන දැනුම අඩු අයෙක් මේ අවස්ථාව මත්ස්‍යා පැටවුන් හෝ බිත්තර දැමීමට ආසන්න යැයි වරදවා වටහා ගත හැකිය) මුල් අවස්ථාවේ මත්ස්‍යා ආහාර ගැනීම පවා සාමාන්‍ය ලෙස කරයි. නමුත් රෝගය උත්සන්න වන විට ආහාර ගැනීම කිරීමට හෝ මත්ස්‍යාට පිහිනීමට පවා නොහැකි ලෙස ශරීරය ඉදිමෙයි. බොහෝ අවස්ථාවල බඩ උඩට සිටින සේ ටැංකියේ පැත්තකට වී මත්ස්‍යා දින ගණනාවක් සිටී. මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. 

Thursday, February 7, 2013

මත්ස්‍ය විශේෂයක් හඳුනා ගනිමු... රෙඩ් රේන්බෝ (Red Rainbow)


වර්ණවත් පිරිමි මත්ස්‍යයෙක්
ආයුබෝවන් 
අද මම ඕගොල්ලන්ට හඳුන්වා දෙන්න හදන්නෙ රේන්බෝ විශේෂයක්. මොවුන් හොඳ ඉල්ලුමක් තියෙන තවත් මත්ස්‍ය විශේෂයක්.

රෙඩ් රේන්බෝ (
Red Rainbow)
විද්‍යාත්මකව (Glossolepis incisus) හඳුන්වනු ලබන මෙම අලංකාර මත්ස්‍ය විශේෂය අයත් වන්නේ Melanotaeniidae කුලයට.
කළු මිශ්‍ර තද රතු පැහැ ශරීරයේ මැද ප්‍රදේශය දිලිසෙන රිදී පැහැයෙන් වර්ණවත් වී ඇත. වරල් වටා තද රත් පැහැයෙන් යුක්ත වේ. දේදුන්නක් මෙන් වර්ණවත් නිසා තමයි මෙයාලට මේ නමත් ලැබිල තියෙන්නෙ. හැබැයි මම මේ කිව්ව ලක්ෂණ තියෙන්නෙ මෙයාගෙ පිරිමි මත්ස්‍යයාගේ විතරයි. ගැහැණු මත්ස්‍යා වර්ණවත් නෑ.


ගෝල්ඩ්ෆිෂ් (GOLDFISH) මසුන් අභිජනනය (3 කොටස)

බොහෝ කාලෙකට පසුව තමයි මාළු ගැන පෝස්ට් එකක් කරන්නෙ. ඊමේල් මගින් අදහස් යෝජනා එවපු අයටත් ගොඩක් ස්තුතියි. හුඟ දෙනෙක්ගෙ ඉල්ලීම නිසා කාර්යය බහුලත්...