පිරිමි මත්ස්‍යයකුගේ කරමල් කවයේ ඇතිවන සුදු පැහැති තිත් |
Thursday, November 7, 2013
Sunday, October 27, 2013
විසිතුරු මත්ස්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න කැමති ද?
අද මම කතාකරන්න හදන්නෙ ගොඩක් දෙනෙකුට වැදගත් කියල විශ්වාස කරන මාතෘකාවක් ගැන...
විසිතුරු මත්ස්‍ය ක්ෂේත්‍ර යට සම්බන්ධ ස්වයං රැකියාවක් කරන්න කැමැත්තක් දක්වන කවුරු හරි ඉන්නවා නම් ඒ අයටත් මේක වැදගත් වෙයි. අපි ටිකක් හොයල බලමු විසිතුරු මත්ස්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධව පවතින රැකියා අවස්ථා ගැන...
හුඟ දෙනෙක් නොදන්නවා වුණාට විසිතුරු මත්ස්‍ය කර්මාන්තය කියන්නේ ඉතාමත්ම ලාභදායී කර්මාන්තයක්. නමුත් මේ කර්මාන්තයේ යෙදිල ඉන්න බොහොමයක් දෙනෙක් මෙය ලාභදායී කර්මාන්තයක් ලෙස හඳුන්වල දෙන්නෙ නම් නෑ. ඒකට හේතුව නම් හරියටම කියන්න දන්නෙ නෑ. කොහොම වුණත් අපි මේ ගැන හොයල බලමු...
Tuesday, June 18, 2013
අමානුෂික ලෙස ඩයි කරපු අලංකාර මත්ස්‍යයින්...
කෘතිම වර්ණක භාවිතයෙන් වර්ණවත් කළ blood parrot මසුන් |
ඕගොල්ලො දැකල ඇති දැන් අසාමාන්‍ය පාට වලින් මත්ස්‍ය වර්ග වෙළඳපොළට ඇවිත් තියෙනවා. ඒ වගේම මත්ස්‍යයින්ගෙ ඇඟෙ එක එක දේවල් ලියල, එහෙමත් නැත්නම් එක එක symbols වගේ දෙවල් ඇඳල, ඇත්තටම කොහොමද මේ වගේ පාට මෙයාලට? මුලින්ම බලමු මොන වගේ විශේෂද මේ වගේ අමුතු පාට මාළු කියලා...
Blood Parrot cichlid මේ වන විට ලංකාව තුළ මේ ආකාරයෙන් අසාමාන්‍ය වර්ණවලින් බහුලවම හමුවන විශේෂය වේ. වර්ණ ගැන්වීමෙන් පසුව වෙනත් වෙනත් නම් වලින් මොවුන් හඳුන්වයි.
Wednesday, March 27, 2013
ව්‍යාපාරයක් ලෙස ඇක්වේරියම් ආයතනයක් පටන් ගන්න අයට පුංචි අත්වැලක්...
පුංචි විවේකයක් ලැබුණා. ඉතින් මට හිතුනා බ්ලොග් එකට ලියන්න ඕනෙ කියල...
ඉතින් අද මං ඕගොල්ලන්ව දැනුවත් කරන්න යන්නේ සුළු පරිමාණ ව්‍යාපාරයක් ලෙස කොහොමද ඇක්වේරියම් ආයතනයක් පටන් ගන්නෙ කියලා.
ඒ ගැන අවශ්‍යතාවයක් තියෙන කාටත් ප්‍රයෝජනයක් වෙන්න තමයි මේ ගැන ලියන්න හිතුවේ. මේ ගැන උනන්දු කෙනෙක් ඉන්නවා නම් කියන්න තියෙන මූලිකම දෙය තමයි මුලින්ම ඉතාම සුළුවෙන් පටන් ගන්න කියලා. ඒක ඕනෑම ව්‍යාපාරයකට පොදුයි. මොකද මත්ස්‍ය අලෙවිය ප්‍රදේශයෙන් ප්‍රදේශයටත්, එකම ප්‍රදේශයේ විවිධ තැන් වලටත් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මෙය ආරම්භ කරන කෙනාගෙ මුල්ම අභියෝගය තමයි සුදුසුම තැන සොයා ගන්න එක. එහෙම පටන් ගන්නවා ඊට සුදුසු ස්ථානයක් සොයා ගැනීමේ දීත් සොයා බැලිය යුතු කාරණා කිහිපයක් තියෙනවා. අපි බලමු ඒ මොනවද කියලා.
Friday, March 1, 2013
විසිතුරු මසුන් ඇති කිරීමට අදහස් කරනවා නම්...
බොහෝ අවස්ථාවල මා අතින් පවා, නොසැලකිල්ල නිසා මසුන් මිය ගිය අවස්ථා ඇත. ඒ ගැන මා අතිශය කණගාටු වෙමි. අපට මෙන්ම මත්ස්‍යයින්ටත් ජීවත් වීමට අත්‍යාවශ්‍ය සාධක ඇත. ජලය ඉන් ප්‍රධාන වේ.
Friday, February 22, 2013
මත්ස්‍ය විශේෂයක් හඳුනා ගනිමු...
කෘතිම පරිසරයේ දී, ඒ කියන්නෙ ඇක්වේරියම් වල දී මෙයාව බ්රීඩ් කරන්න ගොඩක් අමාරුයි. මෙතෙක් වෙනත් රටවලින් එවැනි වාර්තා ලැබී නෑ. නමුත් අපේ ලංකාවේ මට මතක විදිහට දකුණු පළාතේ තරුණයෙක් මේ විශේෂයේ මසුන් අභිජනනය කර ඒ අභියෝගය ජය අරගෙන තිබුණා. ඒක අපේ රටට ගොඩක් ලොකු ගෞරවයක්.
අභිජනනය කිරීමට අපහසු වීමට ප්‍රධාන හේතුවක් ලෙස ඒ සමයේ දී මොවුන්ගේ කලහකාරී බවත් හේතුවක් වනවා කියල තමයි කියවෙන්නේ.
තායිලන්තයේ සිට වෙනත් රටවලට මොවුන් දස දහස් ගණනක් වසරක දී අපනයනය කරයි. ඒ හේතුව නිසාවෙන් මොවුන් රතු දත්ත පොතේ (IUCN Red list) තර්ජනයට ලක් වූ මත්ස්‍ය විශේෂයක් ලෙස හඳුන්වා දී ඇත.
Wednesday, February 20, 2013
මත්ස්‍යයින්ට වැළඳෙන දරුණු රෝගයක් හඳුනා ගනිමු...
රෝගය වැළඳුනු ෆයිටර් මත්ස්‍යයෙක් |
Thursday, February 7, 2013
මත්ස්‍ය විශේෂයක් හඳුනා ගනිමු... රෙඩ් රේන්බෝ (Red Rainbow)
වර්ණවත් පිරිමි මත්ස්‍යයෙක් |
රෙඩ් රේන්බෝ (Red Rainbow)
විද්‍යාත්මකව (Glossolepis incisus) හඳුන්වනු ලබන මෙම අලංකාර මත්ස්‍ය විශේෂය අයත් වන්නේ Melanotaeniidae කුලයට.
කළු මිශ්‍ර තද රතු පැහැ ශරීරයේ මැද ප්‍රදේශය දිලිසෙන රිදී පැහැයෙන් වර්ණවත් වී ඇත. වරල් වටා තද රත් පැහැයෙන් යුක්ත වේ. දේදුන්නක් මෙන් වර්ණවත් නිසා තමයි මෙයාලට මේ නමත් ලැබිල තියෙන්නෙ. හැබැයි මම මේ කිව්ව ලක්ෂණ තියෙන්නෙ මෙයාගෙ පිරිමි මත්ස්‍යයාගේ විතරයි. ගැහැණු මත්ස්‍යා වර්ණවත් නෑ.
Thursday, January 31, 2013
මත්ස්‍ය විශේෂයක් හඳුනා ගනිමු (Blue Ram Cichlid)...
ජර්මන් බ්ලූ රාම් (German Blue Ram) |
අද මම ඕගොල්ලන්ට ඉතාමත්ම අලංකාර ඒ වගේම හොයාගන්නත් ටිකක් අමාරු මත්ස්‍ය වශේෂයක් ගැන තොරතුරු ඉදිරිපත් කරන්න අදහස් කළා.
බ්ලූ රාම් සික්ලිඩ් (Blue Ram Cichlid)
විද්‍යාත්මක නාමය (Mikrogeophagus ramirezi)
ජර්මන් බ්ලූ රාම් (Golden Ram) |
Wednesday, January 23, 2013
මත්ස්‍ය අභිජනනකරුවන් (breeders) අතින් සිදුවන වැරදි...
ෆයර්මවුත් සික්ලිඩ් (firemouth cichlid) |
මම අද කතා කරන්න හදන්නෙ විසිතුරු මසුන් අභිජනනය (breed) කරන අය අතින් වෙන වැරදි කීපයක් ගැන... වැරැදි කිව්වට ටිකක් හිතල බලනව නම් මේක හදාගන්න එක අමාරු නෑ. ඒත් නොසැලකිල්ල නිසා දීර්ඝ කාලීන පාඩු සිදු වෙන්න පුළුවන්.
අපි එහෙනම් බලමු මොනවද මේ දේවල් කියල...ඔයාල දැකල ඇති අපේ ඇක්වේරියම් දහයකට ගිහින් බැලුවොත් ඒකෙන් නවයකම ඉන්නෙ එකම ජාතියෙ මාළු. උදාහරණයක් විදිහට ගත්තොත්... ගෝල්ඩ් ෆිෂ් (goldfish). මෙයාල හැම ඇක්වේරියම් එකකම වගේ ඉන්නවා. ගානත් අඩුයි. ඒ වගේම මාළුවගෙ තත්ත්වයත් එතරම් හොඳ නෑ. ඒ වගේම තමයි ඒන්ජල් ගැනත්... (නමුත් ගෝල්ඩ් ෆිෂ්ට සාපේක්ෂව ඒන්ජල් මත්ස්‍යයාගෙ නම් තත්ත්වයෙන් ගොඩක් දුර්වල මාළු වෙළඳපොළේ දකින්න අඩුයි) ඒක නම් හොඳ තත්ත්වයක්.
Tuesday, January 15, 2013
මාබල් කැට් ෆිෂ් (marble catfish) එහෙමත් නැත්නම් වෝකිං කැට් ෆිෂ් (walking catfish) ගැන...
Monday, January 14, 2013
ඔස්කා මසුන් අභිජනනය (breeding)
අපි ඒ කතා කළේ එයාගෙ ස්වභාවික ජලාශවල දිවි ගෙවන විශේෂ (wildtype) එහෙමත් නැත්නම් (common oscar) එයාගෙ සොභාවික වාසස්ථානවල ජීවිතය ගැන. නමුත් මේ වන විට එම විශේෂ ඇසුරින් මිනිසා විසින් බිහිකර ගත් නව විශේෂවල තත්ත්වය තමයි අපි කතාකළ යුත්තේ...
ඇල්බිනෝ ඔස්කා (albino oscar) |
විසිතුරු මත්ස්‍ය විශේෂ හඳුනා ගනිමු...
මම දැකල තියෙන දෙයක් තමයි අපේ ගොඩක් අය මේ විසිතුරු මාළු කිව්වහම දන්නෙ... ස්වෝඩ්ටේල් (swardtail), ප්ලේටි (platy), ගෝල්ඩ් ෆිෂ් (gold fish), ඒන්ජල්ස් (angel), වගේ මාළු වර්ග... හැබැයි මේ අයට වඩා ලස්සන, හොයාගන්න ටිකක් අමාරු මාළු වර්ග ගණනාවක්ම ඉන්නවා. පස්සෙ සොයා බලමු ඒ අය ගැනත්... අනෙක් කාරණය තමයි ගොඩක් ඇක්වේරියම්වල විකුණන්න ඉන්නෙ විකෘති මාළු (deform) එහෙම කිව්වාම ඔයාල විශ්වාස කරන එකක් නැහැ. නමුත් ඒක සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට ගමු කවුරුත් දන්න ගෝල්ඩ් ෆිෂ් මාළුවව. ගෝල්ඩ් ෆිෂ් මාළුවෙක් ගත්තාම එයාගෙ වර්ණ, වරල්, පිහිටිය යුතු පිළිවෙලක් තියෙනවා. හැබැයි ඒකත් ගෝල්ඩ් ෆිෂ් විශේෂයෙන් විශේෂයට වෙනස් වෙනවා. ඉතින් හැමෝම දන්නෙ නැහැනෙ මාළුන්ගෙ නිවැරදි ලක්ෂණ හොයන්න. ඉතින් බොහොමයක් අය මාළුව පිහිනනව නම් බැලූ බැල්මට ලස්සනට ඉන්නවා නම් මිල දී ගන්නවා. (හැබැයි මෙහෙම දෙයකුත් තියෙනවා නිවැරදි වර්ණ සහ ලක්ෂණ තියෙන මාළු ගැන වැඩියෙන්ම හිතන්න ඕනෙ ඒ අයව අභිජනනය (breed) කරනවා නම් තමයි) මොකද විකෘති මාළු (deform) අභිජනනය කළාම ලැබෙන පැටවුණුත් බහුතරයක් විකෘති අයම තමයි.
අපි බලමුද එහෙනම් විකෘති සහිත මාළු කිහිප දෙනෙක් හඳුනා ගන්න.
බලන්න මේ ඡායාරූපයෙ ඉන්න ගෝල්ඩ් ෆිෂ් මසුන් දිහා... සුදු පැහැති මත්ස්‍යයා බැලූ බැල්මටම විකෘති මාළුවෙක් සේ පෙනෙනවා. එහෙත් අනෙක් මාළු එහෙම නොපෙනුනත්, ඔවුනුත් යම් විකෘතිතා වලින් පෙලෙනවා. මෙහෙම වෙන්න ප්‍රධානම හේතුව විකෘතිතා ඇති මව් සතුන් (breeding pairs) යොදාගෙන කරන ලද අභිජනනයන්. මිනිසුන් සම්බන්ධයෙන් කතා කරන විට ලේ ඥාතීන් අතර සිදුවන විවාහ තුළින් ඇතිවන දරුවන් අංගවිකල තත්ත්වයන්ට ගොදුරු වීම ඇතිවන බව ඔබ අසා ඇති. එම තත්ත්වයන් බොහොමයක් සතුන් තුළත් දක්නට ලැබේ.
එහෙනම් අපි කතා කරන්න බලාපොරොත්තු වුණ දේ කතා කරමු. මම අනෙක් මාළු වර්ග වලට වඩා සික්ලි විශේෂ (cichlid species) වලට වඩාත් කැමතියි. ඒකට හේතු ගණනාවක්ම තියෙනවා. ඔයාලත් ඒගොල්ලො ගැන දන්නැතුව මිසක් දන්නවා නම් අනිවාර්යයෙන්ම කැමති වෙයි. එහෙනම් අපි බලමුද සික්ලි කියන මත්ස්‍ය විශේෂය හඳුනා ගන්නා ආකාරය.
මොවුන් හඳුනා ගැනීමට හැකි ප්‍රධානම ලක්ෂණය වන්නේ මොවුන්ගේ පෘෂ්ඨිය වරල (dorsal fin) යි. ඉහළට විහිදුණු වරළක් සේ දිස්වන මෙහි ඇත්තේ සියුම් කටු විශේෂයකි. සික්ලි මසුන් කලබල වූ විට සහ කලහකාරී වූ විට මේවා තදින් ඉහළට විහිදුවයි. ඇත්තෙන්ම ඒවා ඇත්තේ ඔවුන්ගේ ආරක්ෂාවට ය.
ඉතින් මම අනෙක් මසුන්ට වැඩියෙන් සික්ලි මසුන් ගැන ඔයාලව දැනුවත් කරන්න බලාපොරොත්තු වනවා. මොකද අපේ රටේ තවම එතරම් ජනප්‍රිය නැතත්... ලෝකයේ වැඩියෙන්ම ජනප්‍රිය මත්ස්‍ය කුලය තමයි සික්ලි මත්ස්‍ය කුලය... අපේ රටේ අයවත් මෙයාල ගැන දැනුවත් කරන්න තමයි මගේ වෑයම...
මේ ඉන්නෙ සික්ලි කුලයේ සුලභ සාමාජිකයෙක්. මෙයාව හඳුන්වන්නෙ convict cichlid (කොන්වික්ට් සික්ලිඩ්) කියලා. මෙයා සුදු වර්ණයෙනුත් ඉන්නවා. පේනවා නේද මෙයාගෙ පෞච්ඡ වරල (dorsal fin) එක, ඔය හිස මුදුනෙ ඉඳන් පිටුපසට විහිදිලා තියෙන්නෙ. ඒක තමයි මෙයාලව හඳුනා ගන්න ලේසිම ලක්ෂණය.
එහෙනම් තවත් post එකකින් හමුවෙමු... ජයවේවා...
කියවන ඔයාලගෙ අදහස් ඉතාම වැදගත්. එම නිසා කමෙන්ට් එකක් වශයෙන් ඔයාලගෙ අදහස් දක්වන්න. ඒක බ්ලොග් එකේ සාර්ථකත්වයට ගොඩක් වැදගත් වේවි...
Tuesday, January 8, 2013
සික්ලි මසුන් අභිජනනය
සික්ලි මසුන් අභිජනනය
ලොව වෙසෙන සියළුම මත්ස්‍ය කුලවලින් ආදරණීයම දෙමාපියන් සිටිනුයේ මෙම කුලයේ මසුන් අතර ය.
එමෙන්ම ඉතාම වර්ණවත් සහ ගුප්ත සහ සිත්ගන්නා සුළු හැසිරීම් රටා සහිත මසුන් වේ.
තම පැටවුන් තනිව ජීවත් වීමට හැකි තත්ත්වය දක්වා වර්ධනය වන තුරු මෙම මසුන් ඔවුන් රැකබලා ගනී.
එහි දී දින ගණනාවක් යන තුරු ආහාර ගැනීමෙන් පවා මොවුන් වැලකී සිටී.
ලොව අන් රටවල් හා සසඳන කල ලංකාවේ මෙම මත්ස්‍ය විශේෂ එතරම් ජනප්‍රිය නැත.
එයට හේතුව වන්නේ මෙම මත්ස්‍යයින් පිළිබඳව ඇති නොදැනුවත් භාවය වේ.
ඇත්තෙන්ම යමෙක් සික්ලි මසුන් ඇතිකිරීමට අදහස් කරනවා නම් ඔවුන්ගේ ජීවන තතු ගැන අවබෝධයක් ඇතිකර ගත යුතුය.
එනම් ඔවුන්ගේ හැසිරීම් රටා, ආහාර රටා, අභිජනන ක්‍රියාවලීන් ආදිය පිළිබඳව...
මොවුන් බොහෝවිට කලහකාරී මසුන් වේ.
මෙම මසුන් පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිව මොවුන් ඇතිකිරීම නොකළ යුතු ය.
මන්ද මොවුන් සමූහ ටැංකි සඳහා සුදුසු මත්ස්‍ය විශේෂයක් නොවන බැවින්
(උදා- ගෝල්ඩ් ෆිෂ්, බාබ්ස් වැනි මත්ස්‍ය විශේෂ සමඟ මොවුන් එක ටැංකියක ඇතිකළ නොහැකිය)
අපි ඉදිරියේ දී එක් එක් සික්ලි මත්ස්‍ය විශේෂ පිළිබඳව තොරතුරු විමසා බලමු.
කියවන ඔයාලගෙ අදහස් ඉතාම වැදගත්. එම නිසා කමෙන්ට් එකක් වශයෙන් ඔයාලගෙ
අදහස් දක්වන්න. ඒක බ්ලොග් එකේ සාර්ථකත්වයට ගොඩක් වැදගත් වේවි...
අලංකාර සික්ලි කුලයේ මත්ස්‍ය විශේෂ...
ගෝල්ඩන් බාබ් මසුන්...
ආක්‍රමණිකයෝ...
අපේ රටේ ජලාශවල ජීවත්වන දේශීය මත්ස්‍ය ප්‍රභේද වලට
තර්ජනයක්ව ඇති විදේශවලින් මෙරට ජලාශ වලට හඳුන්වා
දුන් මත්ස්‍ය ප්‍රභේද
තිලාපියාවිද්යාත්මකව Tilapia Mosambica ලෙස හඳුන්වන මෙම මත්ස්‍ය විශේෂය අද රටේ මුළු ජලාශවලින් සියයට හැත්තෑපහක් පමණ ආක්‍රමණය කර ඇත. නයිල් තිලාපියා සහ මොසැම්බික් තිලාපියා යන විශේෂ දෙක 1951-1952 යන වර්ෂවල දී සිංගප්පූරුවෙන් සහ නැගෙනහිර අප්‍රිකාවෙන් මෙරට වැව් පොකුණුවල වර්ධනය කර ආහාරයට ගැනීම සඳහා ආනයනය කර ඇත. මෙම මත්ස්‍ය විශේෂය මේ වන විට අපේ රටේ ජලාශවලට හොඳින් අනුවර්තනය වී ඇත. |
මත්ස්‍යයින් අයත්වන කුල...
මාළු ඇතිකරන්න නම් මුළින්ම මත්ස්‍ය විශේෂ හඳුනාගන්න පුළුවන් වෙන්න ඕන. මොකද, මත්ස්‍ය විශේෂ සිය දහස් ගණනක් ඉන්නවා. ඒ එක එක මත්ස්‍යාගේ හැසිරීම් රටා, වර්ණ එක එක විදිහයි. සමහර මසුන් වෙනත් මසුන් එකක් සාමාකාමීව සිටියත් සමහරෙක් ඉතාම ප්‍රචණ්ඩකාරියි. ඉතින් අපි ටික ටික ඉගෙන ගනිමු මත්ස්‍ය විශේෂ පිළිබඳව.
- Cyprinidae (සිප්රිනිඩේ) කුලය - අයත් මත්ස්‍ය විශේෂ - ගෝල්ඩ් ෆිෂ් විශේෂ (Gold fish), කාෆ් විශේෂ (Carp), බාබ්ස් විශේෂ (Barbs)
- Characidae (චරසිඩේ) කුලය - අයත් මත්ස්‍ය විශේෂ - ටෙට්‍රා විශේෂ (Tetras), සිල්වර් ඩොලර්ස් (Silver dollars), පිරන්හා (Piranha), පාකු (Paku)
- Cichlid (සික්ලිඩේ) කුලය - අයත් මත්ස්‍ය විශේෂ - ඔස්කා මසුන්, ඒන්ජල් මසුන්, ඇතුළු සියළුම සික්ලි විශේෂ
ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ...
ආවේණික මත්ස්‍යයින් යනු?
යම් රටකට හෝ ප්‍රදේශයකට පමණක් සීමාවී ඇති ලොව අන් කවර තැනක හෝ දක්නට නොලැබෙන ජීවීන් ආවේණික (Endemic) ලෙස හඳුන්වයි.
බුලත්හපයාBlack Ruby BarbPuntius nigrofasciatus
බොහෝ මත්ස්‍ය විශේෂවල මෙන්ම අභිජනන සමයේ දී මෙය කැපී පෙනේ. අඟල් 2.5ක් පමණ විශාලව වැඩේ. සෙවණ ඇති ගහකොළ වලින් ගැවසුනු නොඉඳුල් සෙමෙන් ගලා බසින නොගැඹුරු ඇල දොලවල ජීවත් වේ. බිත්තර මගින් සිය වර්ගයා බෝ කරයි. අභිජනන කාලයේ දී මෙන්ම අනෙකුත් කාලවලත් ඉතා පිරිසිදු ජලය අත්‍යාවශ්‍ය වේ. ජල ප්‍රභවයන් දූෂණයට ලක්වීම සහ අපනයනය නිසා දරුණු ලෙස තර්ජනයට ලක්ව ඇත. අපනයනය තහනම් කර ඇතත් හොර රහසේ අපනයනය කෙරේ. අපනයනය තහනම් නැති මෙම මත්ස්‍යාට සමානකම් ඇති වෙනත් මසුන් සමග මෙම මත්ස්‍යා ද අපනයන කෙරේ.
බුලත්හපයා වීඩියෝව මෙතැනින් නරඹන්න... |
ලේ තිත්තයාCherry Barb
Barbus titteya/Puntius titteya
ලංකාවට පමණක් ආවේණික රතුදත්ත පොතට ඇතුළත් අලංකාර මත්ස්‍ය විශේෂයකි. වර්ණ ප්‍රභේද දෙකක් පමණ දැකිය හැකි ය. ලොවි ගෙඩියක රත් පැහැය සහ රතට හුරු දුඹුරු පැහැයෙන් මෙම මසුන් හමුවේ. ඉතාමත් පිරිසිදු ජලයේ පමණක් ජීවත් වේ. බොහෝ විට ප්‍රධාන දිය පහරකට එක්වන සෙමෙන් ගලා යන කුඩා දිය පහරවල්වල හමුවේ. තරමක ආම්ලිකතාවයක් ඇති ජලය ප්‍රිය කරයි. ඉතාම සංවේදී මත්ස්‍යයෙකි. ජලයේ ඇතිවන සුළු වෙනස්වීමකට පවා මෙම මත්ස්‍යා සංවේදී ය. මුඛය දෙපස කුඩා අංකුට යුගලයක් දරයි. අඳුරු කුඩා පඳුරු වලින් ගහණ දිය පාරවල්වලට ප්‍රියතාවයක් දක්වයි. සෙන්ටිමීටර 4ක් පමණ විශාලව වැඩේ. ගැහැණු මත්ස්‍යා රත් පැහැයට වඩා දුඹුරු පැහැයට හුරුය. අභිජනන සමයේ දී පිරිමි මත්ස්‍යාගේ වර්ණය ලේ රත් පැහැයට හැරේ. අපනයනය තහනම් කර තිබිය දීත් මෙම මත්ස්‍යා හොර රහසේ අපනයනය කරනු ලබයි. එසේ අපනයන කිරීම මොවුන්ගේ නම රතුදත්ත පොතට එක් කිරීමට සමත් වී ඇත. අපට රටට සොබා දහමෙන් ලැබුණු දායාදයක් ලෙස සිතා මොවුන් රැක ගැනීමට කටයුතු නොකළ හොත් නුදුරේ දී ම මොවුන්ගේ නම ලොවෙන් වඳවී ගිය සතුන්ගේ නාමාවලියට එක්වනු ඇත.
ලේ තිත්තයා වීඩියෝව මෙතැනින් නරඹන්න...
කියවන ඔයාලගෙ අදහස් ඉතාම වැදගත්. එම නිසා කමෙන්ට් එකක් වශයෙන් ඔයාලගෙ අදහස් දක්වන්න. ඒක බ්ලොග් එකේ සාර්ථකත්වයට ගොඩක් වැදගත් වේවි... |
ගෝල්ඩ්ෆිෂ් (GOLDFISH) මසුන් අභිජනනය (3 කොටස)
බොහෝ කාලෙකට පසුව තමයි මාළු ගැන පෝස්ට් එකක් කරන්නෙ. ඊමේල් මගින් අදහස් යෝජනා එවපු අයටත් ගොඩක් ස්තුතියි. හුඟ දෙනෙක්ගෙ ඉල්ලීම නිසා කාර්යය බහුලත්...
-
විසිතුරු මසුන් ඇති කිරීම ලොකු කුඩා කොයි කා අතරන් ජනප්‍රිය විනෝදාංශයක් සහ ව්‍යාපාරයක් බවට පත්වී ඇත. සෑම සතෙකුට මෙන් මත්ස්‍යයින්ටත් අවශ්‍යතා ඇ...
-
මම දැකල තියෙන දෙයක් තමයි අපේ ගොඩක් අය මේ විසිතුරු මාළු කිව්වහම දන්නෙ... ස්වෝඩ්ටේල් (swardtail), ප්ලේටි (platy), ගෝල්ඩ් ෆිෂ් (gold fish), ...