Wednesday, January 23, 2013

මත්ස්‍ය අභිජනනකරුවන් (breeders) අතින් සිදුවන වැරදි...

Firemouth cichlid
ෆයර්මවුත් සික්ලිඩ් (firemouth cichlid)


ආයුබෝවන්...
මම අද කතා කරන්න හදන්නෙ විසිතුරු මසුන් අභිජනනය (breed) කරන අය අතින් වෙන වැරදි කීපයක් ගැන... වැරැදි කිව්වට ටිකක් හිතල බලනව නම් මේක හදාගන්න එක අමාරු නෑ. ඒත් නොසැලකිල්ල නිසා දීර්ඝ කාලීන පාඩු සිදු වෙන්න පුළුවන්.
අපි එහෙනම් බලමු මොනවද මේ දේවල් කියල...
ඔයාල දැකල ඇති අපේ ඇක්වේරියම් දහයකට ගිහින් බැලුවොත් ඒකෙන් නවයකම ඉන්නෙ එකම ජාතියෙ මාළු. උදාහරණයක් විදිහට ගත්තොත්... ගෝල්ඩ් ෆිෂ් (goldfish). මෙයාල හැම ඇක්වේරියම් එකකම වගේ ඉන්නවා. ගානත් අඩුයි. ඒ වගේම මාළුවගෙ තත්ත්වයත් එතරම් හොඳ නෑ. ඒ වගේම තමයි ඒන්ජල් ගැනත්... (නමුත් ගෝල්ඩ් ෆිෂ්ට සාපේක්ෂව ඒන්ජල් මත්ස්‍යයාගෙ නම් තත්ත්වයෙන් ගොඩක් දුර්වල මාළු වෙළඳපොළේ දකින්න අඩුයි) ඒක නම් හොඳ තත්ත්වයක්.




කොහොම වුණත් මේ තත්ත්වය ඇති වෙන්න හේතුව නම් ගොඩක් අය හොයල බලන්නෙ නැති තරම්. අපි ඇක්වේරියම් වලින් මිල දී ගන්න ගොඩක් මාළු විශේෂයෙන් ගප්පි (guppies) වගේ මාළු ගොඩක් වෙලාවට මසුන් පිටරට යවන ආයතන මගින් ඉවත් කරන (reject) මාළු. එහෙම වෙන්නෙ කොහොමද මේ ගප්පි කොච්චර ලස්සනට ඉන්නවද? ඕගොල්ලො හිතනව ඇති? මෙහෙමයි ඒක වෙන්නෙ. අපේ අය අපේ රටට වෙනත් රටවලින් තත්ත්වයෙන් බාල මත්ස්‍ය විශේෂ ගෙන්නුවත්, වෙන රටවල තත්ත්වය ඊට ගොඩක් වෙනස්. ඒ රටවලට අපි මාළු යවනවන නම්, ඒ මාළු තත්ත්වයෙන් ඉතා උසස් මට්ටමේ ඉන්න ඕන. එහෙම නැතුව ඒ රටවල ඉන්න බයර්ස්ලා (buyers)මාළු ගන්නෙ නෑ. ඉතින් අපේ රටේ මසුන් සැපයුම් ආයතන බයර්ස්ලා ඉල්ලන හොඳ තත්ත්වයේ මසුන් අපනයනය සඳහා තෝරාගෙන තත්ත්වයෙන් අඩු මාළු අපේ රට තුළ අලෙවි කිරීමට අඩු මුදලට ඇක්වේරියම් ආයතන වලට බෙදා හරිනවා. ඒ මසුන් තත්ත්වයෙන් බාල වුණත් උසස් තත්ත්වයේ මසුන් ලබා ගැනීමට ඇති අවස්ථා අඩු නිසාත්, ඇක්වේරියම් ආයතන පවත්වා ගෙන යාමට මසුන් අවශ්‍ය නිසාත් එම තත්ත්වයෙන් බාල මසුන් මිල දී ගැනීමට සිදු කරනවා. එම මසුන් මිල දී ගැනීමට එන පාරිභෝගිකයාගේ මසුන් පිළිබඳ නොදැනුවත්භාවය මේ කර්තව්‍යය දිගටම කරගෙන යාමට තවත් උදව්වක් වනවා. නමුත් ඒක ඇක්වේරියම් ආයතනවලම වැරැද්දක්ම නොවේ. මොකද පාරිභෝගික අපේත් වගකීමක් අපි ගන්න මසුන්ගෙ තත්ත්වය පිළිබඳව සොයා බලන එක.
ඒ වගේම තවත් ගොඩක් අය අතින් සිදුවන දෙයක් තමයි වෙළඳපොලේ තත්ත්වය සොයා නොබලා මසුන් අභිජනනය කිරීම...
ඒක සිදු විය යුත්තේ මෙහෙමයි. ඒක කියන්නෙ අපි හැම වෙලාවෙම බලන්න ඕනෙ ඇක්වේරියම්වල හොයාගන්න අඩු මත්ස්‍ය විශේෂ අභිජනනය කරන්න. මොකද හැමෝම එකම මත්ස්‍යය විශේෂයම අභිජනනය කරන්න ගියාම මාළුවගෙ මිල ගොඩක් පහතට වැටෙනවා. ඒ ගැන ගොඩක් වෙලාවට අභිජනනකරුවන් අවධානය කරන්නේ අඩුවෙන්. හැම වෙලාවෙම පුළුවන් තරම් හොඳ, ඒ වගේම සොයාගැනීමට අපහසු මත්ස්‍ය විශේෂ අභිජනනය කිරීමට උත්සාහ කරන එක ඉතාම වැදගත්. ඒ විදිහට වෙළඳපොළ ගැන උනන්දුවෙන් ඉන්නවා නම් පාඩු සිදු වීම ඉතාම අඩු මට්ටමකයි තියෙන්නෙ.
මේ පිළිබඳව ඔයාලගෙ අවධානය වැඩියෙන් යොමු කරන්න කියල තමයි කියන්න තියෙන්නෙ...
එහෙනම් ආයෙත් තවත් පෝස්ට් එකකින් හමුවෙමු...
ඒ වගේම තවත් ගොඩක් අය අතින් සිදුවන දෙයක් තමයි වෙළඳපොලේ තත්ත්වය සොයා නොබලා මසුන් අභිජනනය කිරීම... ඒක සිදු විය යුත්තේ මෙහෙමයි. ඒක කියන්නෙ අපි හැම වෙලාවෙම බලන්න ඕනෙ ඇක්වේරියම්වල හොයාගන්න අඩු මත්ස්‍ය විශේෂ අභිජනනය කරන්න. මොකද හැමෝම එකම මත්ස්‍යය විශේෂයම අභිජනනය කරන්න ගියාම මාළුවගෙ මිල ගොඩක් පහතට වැටෙනවා. ඒ ගැන ගොඩක් වෙලාවට අභිජනනකරුවන් අවධානය කරන්නේ අඩුවෙන්. හැම වෙලාවෙම පුළුවන් තරම් හොඳ, ඒ වගේම සොයාගැනීමට අපහසු මත්ස්‍ය විශේෂ අභිජනනය කිරීමට උත්සාහ කරන එක ඉතාම වැදගත්. ඒ විදිහට වෙළඳපොළ ගැන උනන්දුවෙන් ඉන්නවා නම් පාඩු සිදු වීම ඉතාම අඩු මට්ටමකයි තියෙන්නෙ. මේ පිළිබඳව ඔයාලගෙ අවධානය වැඩියෙන් යොමු කරන්න කියල තමයි කියන්න තියෙන්නෙ... එහෙනම් ආයෙත් තවත් පෝස්ට් එකකින් හමුවෙමු...
ජයවේවා...       
කියවන ඔයාලගෙ අදහස් ඉතාම වැදගත්. එම නිසා කමෙන්ට් එකක් වශයෙන් ඔයාලගෙ අදහස් දක්වන්න. ඒක බ්ලොග් එකේ සාර්ථකත්වයට ගොඩක් වැදගත් වේවි...

7 comments:

  1. වෙලදපොලේ පහසුවෙන් අලවී කරගත හෙකී මසුන් මොනවද? එම වර්ග වල හොද මව් සතුන් ලබාගත හක්කෙ කොහෙන්ද? :)

    ReplyDelete
  2. ශ්‍රීමත්... ඒකට මෙන්න මේ මාළු වර්ග කියල කෙලින්ම උත්තරයක් දෙන්න බෑ. මොකද එක එක මත්ස්‍ය විශේෂ එක එක කාල වල දී වැඩියෙන් අලෙවි වෙන්න පුළුවන්. අනෙක් කාරණය, අප විසින් ඉතා හොඳ තත්ත්වයෙන් උසස් මසුන් සපයනවා නම් අලෙවි කර ගැනීම ගැන ලොකු ගැටළු ඇති වෙන්නෙ නෑ. මව් සතුන් අලෙවි කරන තැන් කියල එක තැනක් කියන්න බෑ... අපි මව් සතුන් විදිහට යොදා ගන්න කල් ඇතිව මසුන් ඒ තත්ත්වයට හදා ගන්න අවශ්‍ය වෙනවා. ඒ කියන්නෙ මව් සතුන් විදිහට හදාගන්න මසුන් කුඩා කාලයේ දී මිල දී ගෙන වැඩුනු පසු මව් සතුන් ලෙස යොදා ගැනීම තමයි හොඳම ක්‍රමය...

    ReplyDelete
  3. මා අරෝවානා මසෙක් ඇතිකරන්නෙකි.මාස 2 පමණ වයස ඇත.අධිශීත කර වියලු ටින්කළ කුනිස්සන් ආහාර ලෙස දෙමි.දින කීපයක සිට මේ සත්වයා අහාර ගැනීම ඉතාම අඩුකර ඇත.බැලු බැල්මට සමේ රෝගයක් දක්නට නැති අතර.අදාළ මාළුවා මිලදී ගත් ස්ථානයේ හිමිකරුගෙන් විමසු විට ඔහු පැවසුවේ සමහර විට මාළුවා මානසික ආතතියට ලක්වී ඇති බවයි.සැබවින්ම මෙසේ විය හැකිද? මේ සත්වයා මේ දිනවල යම් කලබලකාරී බවක්ද දක්නට ඇත.

    ReplyDelete
  4. මානසික ආතතිය කෙසේ වෙතත් ඔබතුමා එම මත්ස්‍යා ජීවත් වන ටැංකිය පිළිබඳව හොඳින් පරීක්ෂා කර බලන්න. එම ජලයේ යම් පරපෝෂිත විශේෂයක් සිටිය හැකි ය. තවද, එම මත්ස්‍යා ජීවත්වන ටැංකියේ ඇති ෆිල්ටරය පවිත්‍රකරන්න. ඔහු ජීවත්වන ටැංකියේ ඇති ජලය අඟල් දෙකක් පමණ ඉවත් කර නැවත අළුත් ජලය එක් කරන්න. ඔබ ඔහුට ආහාරයට දෙන කූණිස්සන් විශේෂය හොඳින් පරීක්ෂා කර බලන්න. ගොඩක් වෙලාවට ඔබට නොපෙනුනත් එම ආහාරයේ යම් වෙනස්වීමක් සිදුවී තිබෙන්නට පුළුවන්. ඒ වගේම දවස් දෙකක් පමණ ආහර නොදී, ඊළඟ දිනයේ දී අප භාවිතා කරන පණු බෙහෙත් වර්ගයකින් (පෙත්තකින් 1/5ක් පමණ) ආහාරය සමඟ දෙන්න. බොහෝ විට යථා තත්ත්වයට පත්වේවි...

    ReplyDelete
  5. ඔබට බොහොම ස්තුතියි.ඔබේ උපදෙස් අනුව කටයුතු කරන්නම්.

    ReplyDelete
  6. මගේ යාලුවෙකුත් සාරිගප්පි breed කරල රට යවනවා එයා මෙහෙ market එකට reject උන මාළු දාන්නේ රුපියල ගානෙ.(Rs 1)

    ReplyDelete
  7. ඔව් සාරංග ඒ වගේ දේවල් ගොඩක් වෙනවා. ගප්පි විතරක් නෙමේ. ගොඩක් පිටරට යවන මත්ස්‍ය විශේෂවල තත්ත්වයෙන් උසස් මාළු යවල reject වෙන මාළු ලෝකල් මාකට් එකට දානවා. ඒ වගේ reject වෙච්ච මාළු breed කරල ආයෙත් මාකට් එකට එන වෙලාවලුත් තියෙනවා.

    ReplyDelete

ඔබගේ අදහස් හා යෝජනා...

ගෝල්ඩ්ෆිෂ් (GOLDFISH) මසුන් අභිජනනය (3 කොටස)

බොහෝ කාලෙකට පසුව තමයි මාළු ගැන පෝස්ට් එකක් කරන්නෙ. ඊමේල් මගින් අදහස් යෝජනා එවපු අයටත් ගොඩක් ස්තුතියි. හුඟ දෙනෙක්ගෙ ඉල්ලීම නිසා කාර්යය බහුලත්...