Tuesday, January 8, 2013

ආක්‍රමණිකයෝ...


අපේ රටේ ජලාශවල ජීවත්වන දේශීය මත්ස්‍ය ප්‍රභේද වලට 
තර්ජනයක්ව ඇති විදේශවලින් මෙරට ජලාශ වලට හඳුන්වා 
දුන් මත්ස්‍ය ප්‍රභේද

තිලාපියා 

Picture
විද්‍යාත්මකව  Tilapia Mosambica ලෙස හඳුන්වන ‍මෙම මත්ස්‍ය විශේෂය අද  රටේ මුළු ජලාශවලින් සියයට හැත්තෑපහක් පමණ ආක්‍රමණය කර ඇත. නයිල් තිලාපියා සහ මොසැම්බික් තිලාපියා යන විශේෂ දෙක 1951-1952 යන වර්ෂවල දී සිංගප්පූරුවෙන් සහ නැගෙනහිර අප්‍රිකාවෙන් මෙරට වැව් පොකුණුවල වර්ධනය කර ආහාරයට ගැනීම සඳහා ආනයනය කර ඇත. මෙම මත්ස්‍ය විශේෂය මේ වන විට අපේ රටේ ජලාශවලට හොඳින් අනුවර්තනය වී ඇත. 



අඟල් 16-18 පමණ විශාලව වැඩේ. එහෙත් මේ වන විට ශරීර ප්‍රමාණයෙන් එතරම් විශාලව නොවැඩී කුඩා ජලාශයක පවා ජීවත් විය හැකි ලෙස මොවුන් හැඩගැසී ඇත. එවන් ජලාශවල අඟල් 2-3ක් පමණ වන කුඩා තිලාපියන් පවා ලිංගිකව පරිණතවී අභිජනනය වීම දැකිය හැකි ය. මෙය මොවුන්ගේ ගහණය වැඩි කිරීමට බෙහෙවින් උදව් වී ඇත. රටේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරා ගැනීම මොවුන් දේශීය ජලාශවලට හඳුන්වා දීමට ප්‍රධාන හේතුව වුවත් අද වන විට දේශීය මත්ස්‍යයින්ට තර්ජනයක් වෙමින් සිටී. සික්ලිඩේ Cichlidae කුලයට අයත් මොවුන් (mouth breeders) එනම් බිත්තර දමා එම බිත්තර වලින් පැටවුන් බිහිවන තෙක් සහ පැටවුන් බිහි වූ පසුත් තම මුවේ තබාගෙන ආරක්ෂා කරන, සික්ලි කුලයට අයත් මත්ස්‍ය විශේෂයක් වේ. 


Picture
කියවන ඔයාලගෙ අදහස් ඉතාම වැදගත්. එම නිසා කමෙන්ට් එකක් වශයෙන් ඔයාලගෙ අදහස් දක්වන්න. ඒක බ්ලොග් එකේ සාර්ථකත්වයට ගොඩක් වැදගත් වේවි...

No comments:

Post a Comment

ඔබගේ අදහස් හා යෝජනා...

ගෝල්ඩ්ෆිෂ් (GOLDFISH) මසුන් අභිජනනය (3 කොටස)

බොහෝ කාලෙකට පසුව තමයි මාළු ගැන පෝස්ට් එකක් කරන්නෙ. ඊමේල් මගින් අදහස් යෝජනා එවපු අයටත් ගොඩක් ස්තුතියි. හුඟ දෙනෙක්ගෙ ඉල්ලීම නිසා කාර්යය බහුලත්...