Tuesday, January 8, 2013

ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ...



ආවේණික මත්ස්‍යයින් යනු?


යම් රටකට හෝ ප්‍රදේශයකට පමණක් සීමාවී ඇති ලොව අන් කවර තැනක හෝ දක්නට නොලැබෙන ජීවීන් ආවේණික (Endemic) ලෙස හඳුන්වයි. 

බුලත්හපයාBlack Ruby BarbPuntius nigrofasciatus

බුලත්හපයා ගැහැණු මත්ස්‍යයෙක්
ලංකාවට පමණක් ආවේණික (endemic) රතුදත්ත (IUCN redlist) පොතට ඇතුළත් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති අලංකාර මත්ස්‍ය විශේෂයකි. පිරිමි මත්ස්‍යා ඉතා වර්ණවත් ය.

බොහෝ මත්ස්‍ය විශේෂවල මෙන්ම අභිජනන සමයේ දී මෙය කැපී පෙනේ. අඟල් 2.5ක් පමණ විශාලව වැඩේ. සෙවණ ඇති ගහකොළ වලින් ගැවසුනු නොඉඳුල් සෙමෙන් ගලා බසින නොගැඹුරු ඇල දොලවල ජීවත් වේ. බිත්තර මගින් සිය වර්ගයා බෝ කරයි. අභිජනන කාලයේ දී මෙන්ම අනෙකුත් කාලවලත් ඉතා පිරිසිදු ජලය අත්‍යාවශ්‍ය වේ.
ජල ප්‍රභවයන් දූෂණයට ලක්වීම සහ අපනයනය නිසා දරුණු ලෙස තර්ජනයට ලක්ව ඇත. අපනයනය තහනම් කර ඇතත් හොර රහසේ අපනයනය කෙරේ. අපනයනය තහනම් නැති මෙම මත්ස්‍යාට සමානකම් ඇති වෙනත් මසුන් සමග මෙම මත්ස්‍යා ද අපනයන කෙරේ.

බුලත්හපයා පිරිමි මත්ස්‍යයෙක්

මෙය නැවැත්වීමට වගකිවයුතු රාජ්‍ය ආයතන වහාම පියවර ගත යුතුය. නැතහොත් ලොවෙන්ම අප රට පමණක් සිය නිජබිම කරගත් මෙම සුන්දර ජීවියා මෙලොවින් සදහටම තුරන් වී යනු ඇත.
බුලත්හපයා වීඩියෝව මෙතැනින් නරඹන්න...    



ලේ තිත්තයාCherry Barb







Picture
ලේ තිත්තයා ගැහැණු මත්ස්‍යයෙක්

Barbus titteya/Puntius titteya








Picture
ලේ තිත්තයා පිරිමි මත්ස්‍යයෙක්

ලංකාවට පමණක් ආවේණික  රතුදත්ත පොතට ඇතුළත් අලංකාර මත්ස්‍ය විශේෂයකි. වර්ණ ප්‍රභේද දෙකක් පමණ දැකිය හැකි ය. ලොවි ගෙඩියක රත් පැහැය සහ රතට හුරු දුඹුරු පැහැයෙන් මෙම මසුන් හමුවේ. ඉතාමත් පිරිසිදු ජලයේ පමණක් ජීවත් වේ. බොහෝ විට ප්‍රධාන දිය පහරකට එක්වන සෙමෙන් ගලා යන කුඩා දිය පහරවල්වල හමුවේ. තරමක ආම්ලිකතාවයක් ඇති ජලය ප්‍රිය කරයි. ඉතාම සංවේදී මත්ස්‍යයෙකි. ජලයේ ඇතිවන සුළු වෙනස්වීමකට පවා මෙම මත්ස්‍යා සංවේදී ය. මුඛය දෙපස කුඩා අංකුට යුගලයක් දරයි. අඳුරු කුඩා පඳුරු වලින් ගහණ දිය පාරවල්වලට ප්‍රියතාවයක් දක්වයි. සෙන්ටිමීටර 4ක් පමණ විශාලව වැඩේ. ගැහැණු මත්ස්‍යා රත් පැහැයට වඩා දුඹුරු පැහැයට හුරුය. අභිජනන සමයේ දී පිරිමි මත්ස්‍යාගේ වර්ණය ලේ රත් පැහැයට හැරේ. අපනයනය තහනම් කර තිබිය දීත් මෙම මත්ස්‍යා හොර රහසේ අපනයනය කරනු ලබයි. එසේ අපනයන කිරීම මොවුන්ගේ නම රතුදත්ත පොතට එක් කිරීමට සමත් වී ඇත. අපට රටට සොබා දහමෙන් ලැබුණු දායාදයක් ලෙස සිතා මොවුන් රැක ගැනීමට කටයුතු නොකළ හොත් නුදුරේ දී ම මොවුන්ගේ නම ලොවෙන් වඳවී ගිය සතුන්ගේ නාමාවලියට එක්වනු ඇත.

ලේ තිත්තයා වීඩියෝව මෙතැනින් නරඹන්න...

කියවන ඔයාලගෙ අදහස් ඉතාම වැදගත්. එම නිසා කමෙන්ට් එකක් වශයෙන් ඔයාලගෙ අදහස් දක්වන්න. ඒක බ්ලොග් එකේ සාර්ථකත්වයට ගොඩක් වැදගත් වේවි...



3 comments:

  1. bulath hapayata biththara damannata tankiya sakas karanna ona kohomada??

    ReplyDelete
  2. බුලත්හපයාBlack Ruby BarbPuntius nigrofasciatus - cyprinidae කුලයට අයත් මත්ස්‍යයයෙක්. ටයිගර් බාබ් මත්ස්‍යයයා අභිජනනය කරන ආකාරයටම මොවුන් අභිජනනය කරන්න පුළුවන්. ටයිගර් බාබ් අභිජනනය ගැන නම් මගේ බ්ලොග් එකේ නෑ. අවශ්‍යය නම් දාන්න පුළුවන්. ඔබගේ අදහස් දැක්වීම ගැන ස්තුතියි...

    ReplyDelete
  3. Bulath hapaya kiyanne bandula pethiyatamada

    ReplyDelete

ඔබගේ අදහස් හා යෝජනා...

ගෝල්ඩ්ෆිෂ් (GOLDFISH) මසුන් අභිජනනය (3 කොටස)

බොහෝ කාලෙකට පසුව තමයි මාළු ගැන පෝස්ට් එකක් කරන්නෙ. ඊමේල් මගින් අදහස් යෝජනා එවපු අයටත් ගොඩක් ස්තුතියි. හුඟ දෙනෙක්ගෙ ඉල්ලීම නිසා කාර්යය බහුලත්...